බංග්ලාදේශයට තියුණු ජයක්

350
0
Bangladesh's Taijul Islam, left, celebrates with teammates after the dismissal of Afghanistan's Hashmatullah Shahidi, right, during their first one-day international cricket match in Dhaka, Bangladesh, Sunday, Sept. 25, 2016. (AP Photo/A.M. Ahad)
ඇෆ්ගනිස්තානය සමග පැවති පළමු එක්දින තරගය ලකුණු 7කින් ජය ගන්නට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමත් වුනා.
දිවා රාත්‍රී තරගයක් වූ මෙම තරගය පැවැත්වුනේ මිර්පුර් හිදී.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදුන්නා.
ඔවුන් නියමිත පන්දුවාර 50තුල සියල්ලන් දැවී ලකුණු 265ක් ලබා ගත්තා.
තමීම් ඉක්බාල් ලකුණු 80යි.
මහම්දුල්ලා ලකුණු 62ක් සහ සකිබ් අල හසන් ලකුණු 48ක් රැස්කළා.
දවාල්ට් සද්රාන් කඩුලු 4ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඇෆ්ගනිස්තානය පන්දුවාර 50 තුල සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 258ක්.
හෂ්මතුල්ලා ෂහිඩ් ලකුණු 72කින් සහ රහමට් ෂහා ලකුණු 71කින් ඇෆ්ගනිස්තාන ඉනිම සවිමත් කළා.
පන්දු යැවීමේදී ටස්කින් අහමඩ් කඩුලු 4ක් බිද හෙලුවා.
තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ සකිබ් අල්  හසන්

Comments

comments

SHARE