ප්‍රීමා පළාත් ක්‍රිකට්‌ ශූරතාවට බස්‌නාහිර මධ්‍යම සහ බස්‌නාහිර දකුණු පිට පළාත ඉව අල්ලයි

120
0

දහ වැනි වරටත් පැවැත්වෙන අන්තර් පළාත් වයස අවුරුදු 15 න් පහළ ප්‍රීමා කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ ඊයේ පැවැති අවසන් පූර්ව තරගවලදී ජය ලැබූ බස්‌නාහිර මධ්‍යම කණ්‌ඩායම සහ බස්‌නාහිර දකුණු පිට පළාත් කණ්‌ඩායම 2016 අවසන් මහා තරගය සඳහා අවස්‌ථාව උදාකර ගැනීමට සමත් විය. ඒ අනුව අවසන් මහා තරග දෙදින තරගයක්‌ ලෙසින් ලබන 29 සහ 30 යන දිනවලදී කොළඹ එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

පසුගිය වසරේ ශූරයන්වූ දකුණු පළාත් කණ්‌ඩායම ඊයේ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී බස්‌නාහිර උතුරු මැද පළාත කණ්‌ඩායම හමුවේ ලකුණු 69 කින් පරාජයට පත්වෙමින් යළිත් ශූරතාව දිනා ගැනීමට අවස්‌ථාව අහිමිකර ගත්තේය. ලෙහාන් අමරසිංහ (71) සහ පවන් රත්නායක (57) ලබාගත් අර්ධ ශතක හේතුවෙන් බස්‌නාහිර මධ්‍යම පිළ ලකුණු 216 ක්‌ දක්‌වා සිය ලකුණු පුවරුව ඉහළ නංවා ගත්හ. එහෙත් ඉකුත් ශූරයන් වූ දකුණු පළාතේ සියලු දෙනා පන්දුවාර 43.2 කදී දවා ගැනීමට බස්‌නාහිර මධ්‍යම කණ්‌ඩායම සමත් විය.

එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී බස්‌නාහිර දකුණු පිට පළාත කණ්‌ඩායම විසින් බස්‌නාහිර උතුරු පිට පළාත් කණ්‌ඩායම ලකුණු 67 කින් පරාජය කරමින් අවසන් මහා තරග අවස්‌ථාව උදාකර ගැනීමට සමත් විය. බස්‌නාහිර දකුණු පිට පළාත් කණ්‌ඩායමේ කිසිදු පිතිකරුවකුට අර්ධ ශතක ලබා ගැනීමට නොහැකි වුවත් ඔවුන් ලබාගත් ලකුණු 216 ඉලක්‌කය නවතාලීමට විශිෂ්ට පන්දු යෑවීමක නිරත වූ කවීශ ධනංජය ලකුණු 44 කට කඩුලු 4 ක්‌ බිඳ දැමීය.

තරග ප්‍රතිඵල

බස්‌නාහිර දකුණ පිට පළාත සහ බස්‌නාහිර උතුර පිට පළාත

බස්‌නාහිර දකුණ පිට පළාත පන්දුවාර 49.5 කදී සියල්ල දැවී ලකුණු 216 යි. (කමිල් මිෂාර 35, රනේෂ් දුමින්ද 30, ෂෙරෝන් ලියනගේ 29, රොහාන් සංජය 29, සෙනස්‌ සන්දීප් 38/2, කවීෂ දුලන්ජන 44/4, තීක්‌ෂණ රිද්මාල් 31/2 යි.)

බස්‌නාහිර උතුරු පිට පළාත පන්දුවාර 44 කදී සියලු දෙනා දැවී ලකුණු 149 යි. (අවිශ්ක තරිඳු 51, ඒ. ලක්‌ෂාන් 11/4 යි.)

බස්‌නාහිර මධ්‍යම සහ දකුණු පළාත

බස්‌නාහිර මධ්‍යම පන්දුවාර 48.1 කදී සියල්ල දැවී ලකුණු 216 යි. (ලේෂාන් අමරසිංහ 71, පවන් රත්නායක 57, තිතිර වීරසිංහ 24, සුගත් නිමන්ද 37/3, නිදුක මල්ෂිත 39/2 යි.)

දකුණු පළාත පන්දුවාර 43.2 කදී සියල්ල දැවී ලකුණු 173 යි. (සඳුන් මෙන්ඩිස්‌ 46, කවිඳු නදීෂාන් 22, විරංග වික්‍රමගේ 27/4, සචික චන්දීර 22/2, තසික නිර්මාල් 23/2 යි.)

Comments

comments

SHARE