500 වන ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට ජය

125
0
Kanpur:India's Ravindra Jadeja celebrates wicket of Luke Ronchiduring the 5th Day of first test match at Green Park in Kanpur on Monday. PTI Photo by Atul Yadav(PTI9_26_2016_00038B)

රවිචන්ද්‍රන් අශ්වින්ගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් ඊයේ සංචාරක නවසිලන්ත පිලට එරෙහිව කාන්පූර් හි පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 197ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත්විය.

ඉන්දීය පිලේ ඓතිහාසික 500 වැනි ටෙස්ට් තරගය ලෙස පැවැති මේ තරගයේ දී ජයග්‍රහණය සඳහා නවසීලන්තයට ලැබුණු ඉලක්කය ලකුණු 434ක් වූ අතර අද පස්වරු ඔවුන්ගේ ඉනිම නිමාවට පත්වූයේ ලකුණු 236කටය.

තරගය පුරා විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ අශ්වින් ඊයේ නවසීලන්ත දෙවැනි ඉනිම සුණුවිසුණු කරමින් කඩුලු 6ක් දවාලූ අතර තරගය පුරා දවාගත් කඩුලු සංඛ්‍යාව 10ක් බවට පත්විය. ඉන්දිය පිලේ ජයග්‍රහණය පමා කළ ලුක් රොන්චි සහ මිචෙල් සැන්ට්නර් එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 102ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූ අතර රොන්චි ලකුණු 80ක් ද, සැන්ට්නර් ලකුණු 71ක් ද ලබාගත්හ.

ඉන්දියාව පළමු ඉනිම – 318 (සියලුදෙනා දැවී) මුරලි විජේ 65, චේතස්වර් පුජාරා 62 ( ට්‍රෙන්ට් බෝල්ට් 67/3, මිචෙල් සැන්ට්නර් 94/3) සහ දෙවැනි ඉනිම – 377/5 (ඉනිම අත්හිටුවන ලදි) චේතස්වර් පුජාරා 78, මුරලි විජේ 76, රෝහිත් ෂර්මා නොදැවී 68, රවීන්ද්‍ර ජඩේජා නොදැවී 50 ( මිචෙල් සැන්ට්නර් 79/2) නවසීලන්තය පළමු ඉනිම – 262 (සියලුදෙනා දැවී) කේන් විලියම්සන් 75, ටොම් ලැතම් 58 ( රවීන්ද්‍ර ජඩේජා 73/5, රවිචන්ද්‍රන් අශ්වින් 93/4) සහ දෙවැනි ඉනිම – 236 (සියලුදෙනා දැවී) ලූක් රොන්චි 80, මිචෙල් සැන්ට්නර් 71 ( රවිචන්ද්‍රන් අශ්වින් 132/6)

Comments

comments

SHARE