ශ්‍රී ලංකා ක්‍රීඩ්කාවන්ට යලි පරාජය

83
0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායම සහ ඔස්ට්‍රේලියානු  කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායම අතර  එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණයේ පැවැති T20 තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක්‌ ලබාගත් ඔස්‌ට්‍රෙලියානු  ක්‍රීඩිකාවන් යළිත් ශ්‍රී ලංකා පිල පරාජයට තල්ලු කර දැමුවේය.

තරගයේ පළමුව පිති ප්‍රහාරය දියත් කළ ශ්‍රී ලංකා පිතිකාරිණියන් අතරින් ඉලක්‌කම් දෙකේ ලකුණු සංඛ්‍යාවක්‌ ලබාගත්තේ ආරම්භක පිතිකාරිණි ලසන්ති මධුරානී පමණි. අනෙක්‌ සියලුම පිතිකාරිණියන් තනි ඉලක්‌කමේ ලකුණු ලබා ගනිද්දී ශ්‍රී ලංකා පිල ලකුණු 59 කට සීමා විය.

පහසු ඉලක්‌කයක්‌ හඹා යැම ඇරඹු ඔස්ට්‍රේලියානු  පිතිකාරිණියන් කිසිවකු නොදැවී පන්දුවාර 12 ක්‌ ඉතිරිව තිබියදී තරගය ජය ගැනීමට සමත් වූ අතර එහිදී බෙන් මොන් පන්දු 24 කදී හතරේ පහර තුනක්‌ සමග ලකුණු 29 ක්‌ද එලීස්‌ විලනි පන්දු 25 කදී හයේ පහරක්‌ සහ හතරේ පහර පහක්‌ සමග ලකුණු 35 ක්‌ද ලබා ගත්තාය.

ලකුණු තත්ත්වය

ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 කදී කඩුලු 8ට ලකුණු 59 යි. (ලසානි මධුරානී 17, ක්‍රිස්‌ටීන් බීඩ්ස්‌ 11/3 යි.)

ඔස්ට්‍රේලියාව පන්දුවාර 8.1 කදී කිසිවකු නොදැවී ලකුණු 63 යි. (බෙන් මොන් නොදැවී 29, එලීස්‌ විලනි නොදැවී 35 යි.)

Comments

comments

SHARE