සමස්‌ත ලංකා බාලක පැසි පන්දු ශූරතාව රාජකීයන්ට බාලිකා ශූරතාව එඬේරා කන්‍යාරාමයට

78
0
මෙම වසරට අදාළව පැවැති සමස්‌ත ලංකා පාසල් පැසිපන්දු තරගාවලියේ වයස අවු. 19 න් පහළ බාලක ශූරතාව කොළඹ රාජකීය විදුහල විසින් දිනාගත් අතර එහි බාලිකා ශූරතාව කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමය විසින් දිනා ගන්නා ලදී.

යාපනය සා.පැට්‍රික් විද්‍යාල ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැති තරගාවලියේ බාලක අවසන් තරගයේදී රාජකීයයන් හමුවේ ලකුණු 54-42 කින් පරාජයට පත්වූ මරදාන සා. ජෝසප් විදුහල් කණ්‌ඩායමට එහි අනුශූරතාව හිමි විය.

එහිදී අවසන් පූර්ව වටයේ තරගයේදී රාජකීය කණ්‌ඩායම කොළඹ රාජකීය ජාත්‍යන්තර පාසල් කණ්‌ඩායම (51-43) පරාජය කරමින් හා සා. ජෝසප් කණ්‌ඩායම වෙන්නප්පුව ජෝසප්වාස්‌ කණ්‌ඩායම (44-31) පරාජය කරමින් අදාළ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීය.

එමෙන්ම වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්‌ඩායම  ලකුණු 59-36 කින් පරාජය කරමින් කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාම කණ්‌ඩායම එක්‌ අන්තයකින් අවසන් තරගයේ සිය ස්‌ථානය වෙන්කර ගන්නා අතරවාරයේ කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම කණ්‌ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් කණ්‌ඩායම ලකුණු 57-22 කින් පරාජය කරමිනි.

එහිදී ඉතා තියුණු මුහුණුවරක්‌ ගත් අදාළ බාලිකා අවසන් තරගයේදී ලකුණු 3 කින් ජය වාර්තා කිරීමට කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාම කණ්‌ඩායම සමත් විය. එම අවසන් තරගයේ ලකුණු තත්ත්වය 45-42 ක්‌ වශයෙන් සටහන් වී තිබුණි.

මෙම තරගාවලියේ බාලක තෙවැනි ස්‌ථානය කොළඹ රාජකීය ජාත්‍යන්තර පාසල් කණ්‌ඩායමටත්, බාලිකා තෙවැනි ස්‌ථානය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්‌ඩායමටත් හිමි විය.

dscn1348

Comments

comments

SHARE