42 වන ජාතික මහා ක්‍රීඩා උළෙල ඇරඹේ

219
0

දිනමු දිනවමු යන තේමාව පෙරදැරි කරගෙන ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධාන කරන 42වන ජාතික මහා ක්‍රීඩා උළෙල අද පස්වරුවේ යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගනයේදී ආරම්භවුනා ඒ කථා නායක කරු ජයසුරිය , ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

ජාතික මහා ක්‍රීඩා උළෙල සදහා පැමිණි සම්භාවනීය අමුත්තන් පිළිගනිම සිදු කලේ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් ඩී එම් දිසානායක මහතා විසින්. ජාතික ධජය සහ පළාත් ධජ එසවීම සිදුවුනේ ඉන් අනතුරුවයි.
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල සදහා එක්වන 3000 ආසන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් දුරෙයිඅප්පා ක්‍රීඩාංගනයට පිවිසියේ ඉන් අනතුරුවයි. සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්  පැමිණීමෙන් අනතුරුව කථා නායක වරයා විසින් 42වන ජාතික මහා ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ වූ බව ප්‍රකාශ කළා. ක්‍රීඩා උළෙලේ සමාරම්භය සනිටුවන් කරමින් ආචාර වෙඩිමුර 7ක් නිකුත් කිරීමද සිදු වුනා.
පසුගිය වර ජාතික මහා ක්‍රීඩා උළෙල සදහා සත්කාරකත්වය ලබාදුන් බස්නාහිර පළාත විසින් ක්‍රීඩා උළෙලේ ධජය උතුරු පළාත් ක්‍රීඩා නිලධාරීන්ට බාරදීම සිදු වුනා. එය එසවීම සිදු කලේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින්.
42වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පහන දැල්වීමේ අවස්තාව හිමි වුනේ උතුරු පලාතෙන් බිහි වූ දැල් පන්දු ක්‍රීඩිකා ජයන්ති සෝමසේකරම්ට සහ පාපන්දු ක්‍රීඩක එස්.ඇන්තනි පිල්ලෙහටයි.
සම්භාවනීය අමුත්තන් උත්සව සභාව ඇමතීමෙන් අනතුරුව 42වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සංස්කෘතික උත්සවය ආරම්භ වුනා. එය සමන්විත වුනේ උතුරු පලාතට අයත් සංස්කෘතිකාංග වලින්.
විශේෂයෙන්ම ජාතික මහා ක්‍රීඩා උළෙලක් සදහා උතුරු පළාත සත්කාරකත්වය ලබාදෙන පළමු අවස්තාව  මෙය වීම නිසා අති විශාල ක්‍රීඩා ලෝලීන් පිරිසක් අද පැවති සමාරම්භක උත්සවය නැරබීම සදහා දුරෙයිඅප්පා ක්‍රීඩාංගනයට පැමිණ සිටියා.
ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග හෙට දිනයේදී ආරම්භ වනවා.
හෙට පැවැත්වෙන අවසන් තරග සංඛ්‍යාව 12ක්. මෙවර 42වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු යාපනයේ සිට ඔබ වෙත ගෙන එන්නට අපි සුදානම්.
– චතුර මධුසංඛ-
යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගනයේ සිට
dsc_8503 dsc_8524
dsc_8556 dsc_8583 dsc_8600 dsc_8603
dsc_8676 dsc_8712 dsc_8715 dsc_8716 dsc_8736 dsc_8756 dsc_8757

Comments

comments

SHARE