42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා රිටි පැනීම ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

82
0

42වන ජාතික මහා  උළෙලේ අද උදෑසන පැවති තරග වලදී බිහිවූ දෙවන ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ උතුරු පළාත නියෝජනය කරන අනීතා ජගතේශ්වරන්.

ඇය කාන්තා රිටි පැනීමේ ඉසව්වෙන් මීටර් 3.41ක දක්ෂතාවක් දක්වමින් එම වාර්තාවට හිමිකම් කිවා.

මීට පෙර ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියූ උතුරු මැද පළාතේ ඒ එච් දිල්රුක්ෂි රිදී පදක්කම දිනා ගත්තා.

පසුගියදා අවසන් වුනු යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියේදී ඇය නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කලේ මීටර් 3.40ක දක්ෂතාවක් දක්වමින්.

නමුත් දිල්රුක්ෂිට අද දිනයේදී වාර්තා කිරීමට හැකිවුණේ මීටර් 3.10ක දක්ෂතාවක් පමණයි.

කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම උතුරු පළාතේ ජේ. සුගිර්තා සමත් වුනා.

-චතුර මධුසංඛ-

Comments

comments

SHARE