වියට්නාම් ගොස් යලි පැමිණි චතුරිකාට යාපනයේදී සිදුවූ දේ

224
0

බස්නාහිර පළාත් කබඩි කණ්ඩායමේ නායිකා මදුෂානි චතුරිකා හට මේ දිනවල යාපනයේ පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙලේ වෙරල කබඩි තරගාවලියට එක්වීමේ අවස්තාව අහිමිව ගියා.

ඒ ඇයගේ නම ක්‍රීඩිකාවන් ඇතුලත් කිරීමේ නාම ලේකනයේ නොමැති විම හේතුවෙන්.

චතුරිකා පසුගියදා වියට්නාමයේ පැවති වෙරල ක්‍රීඩා උළෙලේ කාන්තා වෙරල කබඩි ලෝකඩ පදක්කම දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමජිකාවක්ද වනවා.

ඇය එම තරගාවලිය අවසන්කොට යලි දිවයිනට පැමිණ ඇත්තේ අද අලුයම 1ට පමණ.

ගුවන්තොටුපලේ සිට කෙලින්ම චතුරිකා යාපනයට පැමිණ ඇත්තේ සිය පළාත නියෝජනය කරමින් වෙරල කබඩි තරගාවලියට එක්වීමේ අරමුණ ඇතිවයි.

යාපනයට පැමිණෙන විට අද දහවල් 12.30 පමණ වූ බව චතුරිකා  Srilankasports වෙත පැවසුවා.

කෙසේ නමුත් ඇයත් සමග යාපනයට පැමිණි වියට්නාම සංචාරයට එක්වුණු ක්‍රීඩිකාවන් දෙපලකට ජාතික ක්‍රීඩා කබඩි තරගාවලියට එක්වීමේ අවස්තාව ලබා දෙන්නට ජාතික ක්‍රීඩා තරග සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.

අප කල විමසීමකදී ඔවුන් පැවසුවේ පසුගිය 28 වනදා ඉදිරිපත් කල බස්නාහිර පළාත් ක්‍රීඩිකා නාම ලේකනයේ චතුරිකාගේ නම ඇතුලත්ව නොතිබුණු බවයි.

කෙසේ නමුත් සංවිධායකයින්ගේ තීරණයට විරෝධය පළකරමින් බස්නාහිර පළාත් ක්‍රීඩිකාවන් තරගාවලියෙන් ඉවත්වන්නට තීරණය කලත් පසුව සිය නායිකාව නොමැතිව තරග වදින්නට තීරණය කළා.

චතුරිකා මදුෂානි ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායමේ හිටපු නායිකාවද වනවා.

Comments

comments

SHARE