ඩී කොක්ගේ ඉනිම දකුණු අප්‍රිකාවට ජය ගෙනේ

481
0
ආරම්භක පිතිකාරු කවින්ටන් ඩි කොක්ගේ සුපිරි පිතිහරබය නිසා ඔස්ට්‍රේලියාව  එක්දින තරගය කඩුලු 6කින් ජය ගන්නට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් සමත්වුනා. දකුණු අප්‍රිකාවේ සෙන්චුරියන් හිදී පැවති මෙම තරගයේ  වාසිය දිනු දකුණු  පන්දුවට පහර දීමේ අවස්තාව ඔස්ට්‍රේලියාවට ලබා දුන්නා.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 192ක් තුල බිද වැටුනා. ඩේවිඩ් වෝනර් ලකුණු 40යි. එරන් ෆින්ච් ලකුණු 33යි.
බිඳ වැටුණු ඕස්ට්‍රේලියා ඉනිම ගොඩ ගත්තේ ජෝර්ජ් බෙයිලි සහ ජෝන් හෙස්ටින්ග්
ඔවුන්  දෙදෙනා හත්වන කඩුල්ලට ලකුණු 79ක් එක කළා. බෙයිලි ලකුණු 74ක් සහ හෙස්ටින්ග් ලකුණු 51ක් එක කළා. නියමිත පන්දුවාර 50තුල ඔස්ට්‍රේලියාව කඩුලු 9ක් දැවී ලකුණු 294ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී අන්දිලේ පෙලුක්වායෝ කඩුලු 4ක් ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකාවට ක්වින්ටන් ඩී කොක් සහ රිලී රසෝව් පළමු කඩුල්ලට සුපිරි ආරම්භයක් ලබා ගත්තේ ලකුණු 145ක් එක කරමින්. රසෝව් ලකුණු 63කට දැවී ගියා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල ඩී කොක් පන්දු 113කදී ලකුණු 178ක් රැස්කළා
සිය 12වන එක්දින ශතකය තම එක්දින දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පරිවර්තනය කරගත් ඩී කොක් එය හතරේ පහර 16කින් සහ හයේ පහර 11කින් වර්ණවත් කළා.
දකුණු අප්‍රිකාව මෙම තරගය ජය ගත්තේ පන්දුවාර 36යි පන්දු 2ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 295ක් ලබා ගෙනයි. ස්කොට් බෝලන්ඩ් කඩුලු 3ක් ගත්තා
තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ ක්වින්ටන් ඩී කොක්
SHARE