15න් පහල ක්‍රිකට්‌ ශූරතාව බස්‌නාහිර දකුණ පිට පළාතට

95
0

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සහ ප්‍රීමා ආයතනය එක්‌ව හවැනි වරටත් සංවිධානය කරන ලද වයස අවු. 15 න් පහළ ප්‍රීමා කුසලාන පළාත් ක්‍රිකට්‌ ශූරතාව දිනා ගැනීමට අවසන් තරගයේ පළමු ඉනිමේ ජය වාර්තා කළ බස්‌නාහිර දකුණ පිට පළාත් කණ්‌ඩායම සමත් විය.

බී කාණ්‌ඩයේ අපරාජිතයින් වශයෙන් අවසන් සටනට පිවිසි බස්‌නාහිර දකුණ පිට පළාත් කණ්‌ඩායම සිය පළමු ඉනිම සඳහා පන්දුවාර 92.2 කදී කඩුලු 9 ක්‌ දැවී ලකුණු 302 ක්‌ රැස්‌කර ගත් අතර ඊට පිළිතුරු වශයෙන් බස්‌නාහිර මධ්‍යම කණ්‌ඩායමට සියල්ල දැවී රැස්‌කරගත හැකි වූයේ පන්දුවාර 47.1 කදී ලකුණු 148 ක්‌ පමණි.

ලකුණු 154 ක පළමු ඉනිමේ ඉදිරියක්‌ ගෙන සිsටි බස්‌නාහිර දකුණු පිට පළාත් කණ්‌ඩායම දෙවන දිනය නිමාවන විට එක්‌ කඩුල්ලක්‌ දැවී ලකුණු 105 ක්‌ රැස්‌කරගෙන සිටියේය.

බස්‌නාහිර දකුණ පිට පළාත් කණ්‌ඩායම ඉහළින් ඔසවා තැබූ කවිදු උමයංග අගනා ඉනිමක්‌ ක්‍රීඩා කරමින් ලකුණු 122 ක්‌ රැස්‌කර ගත්තේය. පන්දු 153 කදී වාර්තා වූ අදාළ ලකුණු සංඛ්‍යාව හයේ පහර දෙකකින් හා හතරේ පහර 16 කින් වර්ණවත් විය.

බස්‌නාහිර දකුණ පිට පළාත් කණ්‌ඩායම යම් තරමක්‌ පාලනය කෙරූ බස්‌නාහිර මධ්‍යම පළාතේ යසිරු කස්‌තුරි ආරච්චි ලකුණු 77 ක්‌ තුළ කඩුලු 4 ක්‌ බිඳ හෙළුවේය.

සිය පළමු ඉනිම සඳහා පිටියට පිවිසි බස්‌නාහිර මධ්‍යම පළාතේ වැඩිම ලකුණු ලාභියා බවට ලකුණු 41 ක්‌ රැස්‌කළ චමත් යටවර පත්විය.

කෙසේ නමුත් බස්‌නාහිර මධ්‍යම පළාතට එරෙහිව විනාශකාරී පන්දු යෑවීමක නියෑළුණු ලහිරු මධුසංඛ ලකුණු 41 ක්‌ තුළ කඩුලු 5 ක්‌ බිඳ හෙළණු ලැබුවේ සිය කණ්‌ඩායමේ පළමු ඉනිමේ ජය පහසු කරමිනි.

තරගය නිමාවන විට බස්‌නාහිර දකුණ පිට පළාත වෙනුවෙන් නොදැවී ක්‍රීඩා කරමින් සිටි කමිල් මිශාර ලකුණු 53 ක්‌ හා දුමිත් නිම්හාන ලකුණු 33 ක්‌ රැස්‌කරගෙන සිටියහ.

Comments

comments

SHARE