සිම්බාබ්වේදී ශ්‍රී ලංකාවට ටෙස්‌ට්‌ තරග දෙකක්

458
0

සංචාරක ශ්‍රී ලංකා කණ්‌ඩායම සමග ටෙස්‌ට්‌ තරග දෙකක්‌ තරග වැදීමට හා බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමද ඇතුළත්ව තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියක්‌ පැවැත්වෙන බවට සිම්බාබ්වේ ක්‍රිකට්‌ ආයතනය විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්‌ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය ඔක්‌තෝබර් මස 29 වැනිදා පැවැත්වීමට යෙදී තිබෙන අතර එහි දෙවැන්න නොවැම්බර් මස 6 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඊට සමගාමීව පැවැත්වෙන සිම්බාබ්වේ, ශ්‍රී ලංකා හා බටහිර ඉන්දීය කොදෙව් එක්‌දින තුන්කොන් තරග නොවැම්බර් මස 12 වැනිදා ආරම්භ වේ.

මීට ප්‍රථම ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර ටෙස්‌ට්‌ තරග දෙකක්‌, එක්‌දින තරග තුනක්‌ හා එක්‌ විස්‌සයි විස්‌ස තරගයක්‌ පැවැත්වීමට තිබුණත් පසුව එය තුන් කොන් තරගාවලියක්‌ ලෙස පැවැත්වීමට තීරණය කර තිබේ.

Comments

comments

SHARE