පලමු තරගයෙන් පාකිස්තානයට ජය

141
0
SHARJAH, UNITED ARAB EMIRATES - SEPTEMBER 30: Muhammad Nawaz of Pakistan celebrates taking the wicket of Kieron Pollard of West Indies during the first One Day International match between Pakistan and West Indies at Sharjah Cricket Stadium on September 30, 2016 in Sharjah, United Arab Emirates. (Photo by Tom Dulat/Getty Images). (Photo by Tom Dulat/Getty Images)
බටහිර ඉන්දීය කොදෙව්වන් සමග තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව ලකුණු 111කින් ජය ගන්නට පාකිස්තානු කණ්ඩායම සමත් වුනා.
තරගයේ කාසියේ වාසිය දිනු කොදෙව්වන් පළමුව පන්දුවට පහරදීමේ අවස්තාව පාකිස්තානයට ලබා දුන්නා.
පාකිස්තානු ක්‍රීඩකයින් පන්දුවාර 49කදී කඩුලු 9ක් දැවී ලකුණු 284ක් රස්කලා.
ශාජිල් ඛාන් ලකුණු 54ක් ලබා ගත්තා.
බාබර් අසාම් අගනා ලකුණු 120ක් ලබා ගනිමින් පාකිස්තානු ඉනිම සවිමත් කළා
සිය මංගල එක්දින ශතකය වාර්තා කල අසාම් සිය ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් ඇතුලත් කළා.
පන්දු යැවීමේදී සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කල කාලෝස් බ්‍රත්ව්යිට් ලකුණු 54කට කඩුලු 3ක් බිඳ හෙලුවා
වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා මෙම තරගයේ ජයග්‍රහණය සදහා කොදෙව්වන්ට පන්දුවාර 49කදී 2ලකණු 87ක ඉලක්කයක් හිමිවුණා.
නමුත් පන්දුවාර 38යි පන්දු 4කදී ඔවුන්ට සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 175ක් පමණයි.
මාලන් සැමුවෙල්ස් ලකුණු 46යි
මොහොමඩ් නවාස් කඩුලු 4ක්  සහ හසන් අලී කඩුලු 3ක් බිඳ හෙලුවා
බාබර් අසාම් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තා.
SHARJAH, UNITED ARAB EMIRATES - SEPTEMBER 30:  Barabar Azman of Pakistan bats  during the first One Day International match between Pakistan and West Indies at Sharjah Cricket Stadium on September 30, 2016 in Sharjah, United Arab Emirates.  (Photo by Francois Nel/Getty Images)
SHARJAH, UNITED ARAB EMIRATES – SEPTEMBER 30: Barabar Azman of Pakistan bats during the first One Day International match between Pakistan and West Indies at Sharjah Cricket Stadium on September 30, 2016 in Sharjah, United Arab Emirates. (Photo by Francois Nel/Getty Images)

08 02

Comments

comments

SHARE