රෝස පන්දුවෙන් ශ්‍රී ලංකා “ඒ” සහ කොදෙව්”ඒ” සටනක්‌ අරඹති

86
0

රෝස පන්දුවෙන් ටෙස්‌ට්‌ ක්‍රීඩා කිරීමට ලොව රටවල් හුරු වෙමින් සිටින යුගයක ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් “ඒ” කණ්‌ඩායම් පළමු වරට අද (04 දා) රෝස පන්දුවෙන් ක්‍රීඩා කරන සිව්දින ක්‍රිකට්‌ තරගයකට පිවිසෙයි. දිවා තරගයක්‌ වන මෙය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ටෙස්‌ට්‌ ක්‍රීඩාව ජනප්‍රිය කරවීම උදෙසා ජාත්‍යන්තර ක්‍රිකට්‌ සභාව විසින් රෝස පන්දුවෙන් ටෙස්‌ට්‌ ක්‍රීඩා කිරීම ආරම්භ කිරීමත් සමග ඔස්‌ටේ්‍රලියාව සහ නවසීලන්තය පළමු වරට රෝස පන්දුවෙන් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයකට සහභාගි විය.

දිවා රාත්‍රී ටෙස්‌ට්‌ තරගවලවට රෝස පැහැති පන්දුව යොදා ගැනීමට යෝජිත වුවද ශ්‍රී ලංකා සහ කොදෙව් “ඒ” කණ්‌ඩායම් අද දින අරඹන සිව් දින තරගය දිවා තරගයක්‌ ලෙස පැවැත්වේ. කණ්‌ඩායම් දෙකම ඊයේ පුහුණුවීම්වලදී රෝස පැහැති පන්දුවෙන් පුහුණුවීම්වල නිරත වෙමින් අදාළ පැහැයට ඇස යොමු කර ගැනීමේ උත්සහයක නිරත විය.

රතු පන්දුව වෙනුවට රෝස පැහැති පන්දුවෙන් දිවා රාත්‍රී ටෙස්‌ට්‌ ක්‍රීඩා කිරීමට පෙර එම පන්දුවේ වර්ණයට හුරුවීම “ඒ” කණ්‌ඩායමේ සිට ඇරඹීම කාලෝචිත වන බැවින් ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්‌ ආයතනය මෙම සිව් දින තරගය රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කිරීමට එකඟවී තිබේ.

පළමු වරට රෝස පැහැති පන්දුවෙන් පන්දු යෑවූ ඔස්‌ටේ්‍රලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්‌ටාක්‌ අදාළ තරගයෙන් පසුව එම අත්දැකීම පිළිබඳව පවසා සිටියේ, “මෙය නුහුරු දෙයක්‌. නමුත් රතු පන්දුවේ දෝලනය තරම් රෝස පන්දුවේ දෝලනයක්‌ මම දැක්‌කේ නැහැ.” යනුවෙනි.

ශ්‍රී ලංකා “ඒ” කණ්‌ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් “ඒ” කණ්‌ඩායම අතර නිල නොවන සිව්දින ටෙස්‌ට්‌ තරග තුනක්‌ පැවැත්වෙන අතර ඉතිරි තරග දෙක රතු පන්දුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. පිළිවෙලින් ආර්.ප්‍රේමදාස, පල්ලකැලේ සහ රංගිරි දඹුල්ලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී සිව්දින තරග තුන පැවැත්වෙන අතර අනතුරුව තරග තුනකින් සමන්විත එක්‌දින තරගාවලියක්‌ද පැවැත්වේ.

ශ්‍රී ලංකා “ඒ” කණ්‌ඩායමේ නායකත්වය ටෙස්‌ට්‌ ආරම්භක පිතිකරුවකු වන දිමුත් කරුණාරත්නට හිමිව ඇති අතර උපනායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමිව තිබේ.

ශ්‍රී ලංකා “ඒ” කණ්‌ඩායම

දිමුත් කරුණාරත්න (නායක), ළහිරු තිරිමාන්න, කුසල් පෙරේරා, රොෂේන් සිල්වා, චරිත් අසලංක, නිරෝෂන් දික්‌වැල්ල, අසේල ගුණරත්න, අවිශ්ක ප්‍රනාන්දු, අනුක්‌ ප්‍රනාන්දු, විමුක්‌ති පෙරේරා, ප්‍රභාත් ජයසූරිය, ලක්‍ෂාන් සඳකැන්, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ කසුන් මධුෂංක

තරග කාල සටහන

පළමු සිව්දින තරගය ඔක්‌. 4-7 – ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය

දෙවැනි සිව්දිsන තරගය ඔක්‌. 11-14 – පල්ලකැලේ ක්‍රීඩාංගණය

තෙවැනි සිව්දින තරගය ඔක්‌. 18-26 – දඹුල්ල ක්‍රීඩාංගණය

පළමු එක්‌දින තරගය ඔක්‌. 24 දා – දඹුල්ල ක්‍රීඩාංගණය

දෙවැනි එක්‌දින තරගය ඔක්‌. 27 දා – කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණය

තෙවැනි එක්‌දින තරගය ඔක්‌. 30 – ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය

Comments

comments

SHARE