ෂරපෝවා නිදහස් වන ලකුණු

63
0

තහනම් උත්තේජක ලබාගැනීම සම්බන්ධව වරදකාරියක බවට පත්ව සිටින රුසියානු ටෙනිස්‌ ක්‍රීඩිකා මාරියා ෂරපෝවාට ලබාදී තිබෙන දඬුවම ලිහිල් වීමට හෝ අවලංගු වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව විදෙස්‌ මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි.

මෙම වසර මුල ඔස්ට්‍රේලියානු විවෘත තරගාවලියේදී මෙන්ම වසර මැදදී මොස්‌කව්හිදී ලබාගන්නා ලද මුත්‍රා සාම්පල පරීක්‍ෂා කිරීමකදී ෂරපෝවාගේ ශරීරයේ මෙල්ඩොනියම් නම් තහනම් සංඝටකය අඩංගු වී තිබෙන බවට තහවුරු වීම මත ඇයට මෙම වසරේ මුල සිට බල පැවැත්වෙන පරිදි වසර 2 ක ජාත්‍යන්තර තරග තහනමක්‌ ජාත්‍යන්තර ටෙනිස්‌ සංගමය විසින් පනවනු ලැබීය.

කෙසේ වෙතත් තමාට එරෙහිව ලබා දෙන ලද අදාළ දඬුවම දැඩි අසාධාරණ බව සඳහන් කරමින් ඊට එරෙහිව ෂරපෝවා විසින් අභියාචනයක්‌ යොමු කරන ලද අතර එයට අනුව ඇයට නිදහස්‌වීමට තරම් කරුණු එහි අඩංගු වී තිබෙන බව සඳහන් වේ.

Comments

comments

SHARE