ශ්‍රී ලංකා පාපන්දු පිල අද කාම්බෝජයට

98
0

ශ්‍රී ලංකාව හා කාම්බෝජය අතර පැවැත්වෙන අන්තර්ජාතික සුහද පාපන්දු තරගය සඳහා ශ්‍රී ලංකා පාපන්දු පිල අද පස්වරුවේ කාම්බෝජය බලා පිටත් වෙයි. ශ්‍රී ලංකා-කාම්බෝජියා සුහද පාපන්දු තරගය මේ 9වැනිදා පස්වරු 6.30ට එරට ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

පුහුණුකරු ඩඩ්ලි ස්ටැන්වෝල් මහතා පාපන්දු ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව සහභාගීවන පළමු සංචාරය මෙය වන අතර කණ්ඩායම භාර ප්‍රධානියා ලෙස ලක්ෂ්මන් හේවාපන්න මහතා නම් කොට ඇත.

ශ්‍රී ලංකාව හා කාම්බෝජියාව අතර මෙයට පෙර පාපන්දු තරගයක් 2001දී පැවැති අතර එයින් ගෝල් 1-0ක ජයක් ශ්‍රී ලංකාව අත් කරගෙන සිටී. එම එකම ගෝලය කසුන් ජයසූරිය වාර්තා කොට තිබු අතර එයද දෙරට අතර සුහද පාපන්දු තරගයක් විය.

ශ්‍රී ලංකාවට ලබන මාසයේදී මැලේසියාවේ පැවැත්වෙන ආසියානු පාපන්දු සම්මේලන සහයෝගීතා කුසලාන පාපන්දු තරගාවලියට සහභාගීවීමට ඇති බැවින් කාම්බෝජියාව සමග තරගය හොඳ පෙරහුරුවක් වනු ඇත. ආසියානු පාපන්දු සම්මේලන සහයෝගීතා කුසලාන පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික වටයේ තරග තුනකට සහභාගී විය යුතු වේ.

ශ්‍රී ලංකා පාපන්දු පිල : සුජාන් පෙරේරා (නායක), මොහොමඩ් රිෆ්නාස් (උප නායක), මොහොමඩ් අක්රම්, දිමූ හෙට්ටිආරච්චි, චතුරංග සන්ජීව, ධනුෂ්ක මධුසංඛ, චලන චමීර, සුභාෂ් මධුෂාන්, චතුරංග සංජීව, සර්වාන් ජොහාර්, සුපුන් කවීෂ ලක්ප්‍රිය, ප්‍රභාත් රැවන් අරුණසිරි, අමිත් කුමාර, එඩිසන් එගුයුරා, ඥානරූබන් සෙබාමාලනායගම්, නිපුණ දේවින්ද, කවිදු ඉෂාන්, මොහොමඩ් රහුමාන්, සංඛ ධනුෂ්ක විජේසිරි, බණ්ඩාර වරකාගොඩ, දිලිප් සුරාජ් පීරිස්, ලක්ෂ්මන් හේවාපන්න (කණ්ඩායම් භාර ප්‍රධානී), ඩඩ්ලි ස්ටැන්වෝල් (ප්‍රධාන පුහුණුකරු), දේවසගායම් රාජමනී (සහාය පුහුණුකරු), මොහොමඩ් රමීස් (කළමනාකරු), මහින්ද ගලගොඩ (දැල් රකින්නන් පුහුණුකරු), පී. කේ. සිල්වා (භෞත චිකිත්සක), රොහාන් ප්‍රදීප් (සහායක)

unnamed

Comments

comments

SHARE