දිමුත්ගෙන් නායකත්වයේ ඉනිමක්

656
0

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් A ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම අතර පළමු සිව්දින ක්‍රිකට් තරගයේ  දෙවන දිනය නිමාවනවිට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුලු 8ක් දැවී ලකුණු 348ක් ලබා සිටියා.

පළමු කඩුල්ල සදහා ඉතා විශිෂ්ට සබදතාවක් ගොඩ නැගු දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් ශ්‍රී ලංකා කණ්ඩායමට හොද ආරම්භයක් ලබා දුන්නා.

ඒ ලකුණු 167ක සබදතාවක් ගොඩනගමින්,

කුසල් ලකුණු 87කට දැවී ගියා.

තිරිමන්නට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 2ක් පමණයි.

ජාතික කණ්ඩායමේද සිය ස්ථානය අහිමිව සිටින තිරිමාන්න මෙම තරගයේදීද අසාර්ථක වීම කැපී පෙනුනා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංගුරම බවට පත්වුණු දිමුත් කරුණාරත්න අගනා ලකුණු 131ක් රස්කලා.

ඒ හතරේ පහර 15ක් සමගින්.

ශ්‍රී ලංකා A පළමු ඉනිමේ මැදපෙළ සවිමත් කලේ නිරෝෂන් දික්වැල්ල පමණයි.

ඔහු ලකුණු 59ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම වැනසූ රකිම් කෝන්වොල් කඩුලු 6ක් දවා ගත්තා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ක්‍රීඩකයින් සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 276ක් ලබා ගත්තා.

තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

Comments

comments

SHARE