ෂරපෝවාට සහනයක්

71
0

තහනම් උත්තේජක ලබාගත් බවට එල්ල වී තිබූ චෝදනා ඔප්පුවීම නිසා ජාත්‍යන්තර තරග තහනමකට ලක්‌ව සිටි රුසියානු ටෙනිස්‌ ක්‍රීඩිකා මාරියා ෂරපෝවාගේ වසර 2 ක දඩුවම් කාලය මාස 15 දක්‌වා අඩු කිරීමට ක්‍රීඩා සඳහා වන බේරුම් අධිකරණය ඊයේ පියවර ගෙන තිබේ.

තවමත් 29 හැවිරිදි වියේ පසුවන ෂරපෝවා, මෙම වසර මුලදී පැවැති ඔස්‌ටේ්‍රලියානු විවෘත ටෙනිස්‌ තරගාවලියට සහභාගිවෙමින් සිටියදී ගන්නා ලද මුත්‍රා සාම්පලයක මෙල්ඩොනියම් නමැති තහනම් සංඝටකය ඇතුළත්වීම නිසා ජාත්‍යන්තර ටෙනිස්‌ සම්මේලනය විසින් වසර 2 ක තරග තහනමක්‌ ඈ වෙත පනවනු ලැබීය.

එහෙත් තමා හිතාමතා තහනම් උත්තේජන නීති රීති උල්ලංඝනය නොකළ බව කියමින් ක්‍රීඩාව සම්බන්ධ බේරුම් අධිකරණයට අභියාචනාවක්‌ ඉදිරිපත් කිරීමට ෂරපෝවා පියවර ගැනීමත් සමග අදාළ දඬුවම ලිහිල් කිරීමට එම අධිකරණය පියවර ගනු ලැබීය.

ෂරපෝවාට වසර 2 ක තරග තහනමක්‌ පැනවුවද, අන්තර්ජාතික ටෙනිස්‌ සම්මේලනය විසින් තෝරාගන්නා ලද විනිශ්චය සභාව මුල සිටම ෂරපෝවා හිතා මතා තහනම් ඖෂධ භාවිත නොකළ බව එකඟව සිටි බවද ෂරපෝවා මාධ්‍ය හමුවේ හෙළි කර තිබේ.

පස්‌වතාවක්‌ ග්‍රෑන්ඩ් ස්‌ලෑම් ශූරතාවට හිමිකම් කියා තිබෙන ෂරපෝවාගේ තහනම් කාලය ලබන 2017 වසරේ අප්‍රේල් මස 26 වැනිදායින් අවසන්වනු ඇත.

”නැවතත් ක්‍රීඩාවට පැමිණෙනතුරු දවස්‌ ගනිමිනුයි මම ඉන්නේ’ යි ෂරපෝවාගේ තහනම් කාලය අඩු කිරීමත් සමග ඈ මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වා තිබේ.

Comments

comments

SHARE