මාතර සුපර් ලීග් T20 තරගාවලිය ලබන 7 වනදා සිට

151
0
matara

මාතර දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමේ සහ මාතර ක්‍රිකට් ක්‍රීඩාවට නව ජීවයක් ලබාදීමේ අරමුණින් යුතුව මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ  මාතර සුපර් ලීග් කමිටුව විසින් පළමු වරට සංවිධානය කරන ‘මාතර සුපර් ලීග්’ 20-20 ක්‍රිකට් තරගාවලිය 7දා සිට මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මාතර ස්ටාර්ස් (මාතර ක්‍රී.ස.), රාහුල යංග්ස්ටර්ස් (රාහුල වි.), වැලිගම ඇටෑකර්ස්, ටීම් ග්‍රීන් (ඕල්ඩ් සර්වේෂන්ස්), ගන්දර වේව්ස්, තෝමියන් යංග්ස්ටර් (ශා. තෝමස් වි.), ටීම් මැරූන්ස් (ඕල්ඩ් තෝමියන්ස්), රුහුණ ෆයිටර්ස් (රුහුණු වි.වි.), ස්‍පෝර්ටෙක් බ්ලාස්ටර්ස්, මොරවක රෝයල්ස්, සර්වේසන්ස් යංග්ස්ටර්ස් (ශා. සර්වේෂස් වි.) සහ ටීම් ගෝල්ඩ් (ඕල්ඩ් රාහුලියන්ස්) යන කණ්ඩායම් 12 පළමු වටයේදී කාණ්ඩ 4ක් යටතේ තරග වදින අතර, ඒ ඒ කාණ්ඩවලින් කණ්ඩායම් 2ක් බැගින් අර්ධ අවසන් පූර්ව වටයට තෝරා ගනු ඇත.

තරගාවලියේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා ක්‍රිකට් ‍ලේකම් මොහාන් ද සිල්වා, උප සභාපති කේ. මතිවානන්, මාතර නගරයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කළ සනත් ජයසූරිය, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ ඉන්දික ද සේරම් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවත්වේ.

ලබන 7 දා සිට 12දා දක්වා සෑම දිනකම පළමු වටයේ තරග 2ක් පැවැත්වේ.
ලබන 13 සහ 14 දා අර්ධ අවසන් පූර්ව තරග පැවැත්වෙන අතර, 15 දා අවසන් පූර්ව තරග පැවැත්වේ. ලබන 16 වැනි දින පස්වරුවේදී අවසන් තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සනත් ජයසූරිය, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, ඉන්දික ද සේරම්, ටී.එම්. ඩිල්ෂාන්, සුරාජ් රන්දිව්, රුචිර පල්ලියගුරු, සුරංග ලක්මාල්, උපුල් චන්දන, උපුල් තරංග, සීක්කුගේ ප්‍රසන්න, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, තිළිණ කණ්ඩම්බි, සමන් ජයන්ත, කසුන් රාජිත, කසුන් මධුසංක, ඩිල්ෂාන් මුණවීර මෙන්ම ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් වන සංජික රිද්ම, අශේන් බණ්ඩාර සහ නවිඳු නිර්මාල් සහභාගි වනු ඇත.

Comments

comments

SHARE