කොදෙව්වන් සමග එක්දින තරගාවලි ජය පාකිස්තානයට

94
0

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3 – 0ක් ලෙස ජය ගන්නට පාකිස්තානු කණ්ඩායම ඊයේ වුනා.

මෙම තරගය පැවැත්වුනේ අබු ඩාබි හිදී.

තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තානු නායකයා පළමුව පන්දුවට පහර දුන්නා.

ඔවුන් නියමිත පන්දුවාර 50තුල කඩුලු 6ක් දැවී ලකුණු 308ක් ලබා ගත්තා.

එක්දින තරගාවලිය පුරා පිතිකරුවෙකු ලෙස අසාර්ථකවුණු නායක අසාර් අලී ලකුණු 101ක් රැස්කළේ සිය  තුන්වන එක්දින ශතකය ලෙසින්

ඊට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩාකළ බාබර් අසාම් අගනා ලකුණු 117ක් ලබා ගත්තා.

ඔහු නොකඩවා ලබාගත් තුන්වන එක්දින ශතකය මෙයයි.

එවැනි දස්කමක් කල ලොව දෙවන ලාබාලතම ක්‍රීඩකයා ලෙසින්ද අසාම් ඉතිහාසයට එක්වුණා.

පන්දු යැවීමේදී අල්සාරි ජෝසප් කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කොදෙව්වන්ට පන්දුවාර 44කදී සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 172ක් පමණයි.

කාලෝස් බ්‍රාත්වයිට් ලකුණු 32යි.

දිනේෂ් රාම්දීන් ලකුණු 37ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී මොහොමඩ් නවාස් කඩුලු 3ක් සහ වහාබ් රියාස් කඩුලු 2ක් බිඳ හෙලුවා.

අවසන් තරගයේ සහ තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ බාබර් අසාම්.

Comments

comments

SHARE