දකුණු අප්‍රිකානුවන්ගෙන් කැන්ගරුවන්ට අමතක නොවන පාඩමක්

179
0

වසර 10කට පසු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට අමතක නොවන පාඩමක් උගන්වන්නට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් ඊයේ සමත් වුනා.

ඒ දෙරට අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන එක්දින තරගය කඩුලු 4කින් ජය ගනිමින්.

මෙම ජයග්‍රහණය ක්‍රිකට් වාර්තා අතරට එක්වුණේ හබා ගොස් ජයගත් දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි

ඩර්බන් හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පන්දුවාර 50තුල කඩුලු 6ක් දැවී ලකුණු 371ක් රැස්කළා

එහිදී ඩේවිඩ් වෝනර් සහ ස්ටීවන් ස්මිත් ශතක වාර්තා කළා.

වෝනර් සිය 8වන එක්දින ශතකය ලෙසින් ලකුණු 117ක් ලබා ගත්තේ පන්දු 107කින්

ඒ සදහා හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් ඇතුලත් කරන්නට වෝනර් පියවර ගත්තා.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කල ස්මිත් පන්දු 107කින් ලකුණු 108ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමගින්

ඔහු ඊයේ දිනයේ වාර්තා කලේ සිය 6වන එක්දින ශතකයයි.

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩාකළ ඒරන් ෆින්ච් පන්දු 34කින් ලකුණු 53ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඩේල් ස්ටෙයින් සහ ඉම්රාන් තාහිර් කදුලු 2ක බැගින් බිඳ හෙලුවා.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් පන්දුවාර 49යි පන්දු 2ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 372ක් ලබාගෙන මෙම තරගය ජය ගත්තා.

ඕස්ට්‍රේලියානුවන් සතුව තිබු ජයග්‍රහණය උදුරා ගත් ඩේවිඩ් මිලර් හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 118ක් වාර්තා කලේ පන්දු 79කට පමණක් මුහුණ දෙමින්.

එය ඔහුගේ තුන්වන එක්දින ශතකයයි.

ඊට අමතරව ක්වින්ටන් ඩි කොක් ලකුණු 70කින් සහ හෂීම් අම්ල ලකුණු 45කින් දකුණු අප්‍රිකානු ඉනිම සවිමත් කළා.

අන්ඩිලේ ෆෙලුක්වායෝ නොදැවී ලකුණු 42ක් ලබා ගත්තේ හත්වන කඩුල්ල සදහා මිලර් සමගින් එක්ව නොබිඳුණු ලකුණු 107ක සබදතාවක් ගොඩ නගමින්

පන්දු යැවීමේදී ජෝන් හෙස්ටින්ග් කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ වීරයා ඩේවිඩ් මිලර්.

 

මීට පෙර 2006 වසරේදීද දකුණු අප්‍රිකානු කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 438ක දැවැන්ත ඉලක්කයක් හබා ගොස් ජයගෙන ලෝක වාර්තාවක් පිටවුවා.

 

Comments

comments

SHARE