ශ්‍රී ලංකා පන්දු යවන්නන් කොදෙව් A පිතිකරුවන් මෙල්ල කරයි

372
0

නායක දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා “ඒ” පිතිකරුවෝ පළමු ඉනිමේ දමා ගත් සාර්ථක අඩිතාලම හමුවේ අසීරුතාවකට පත්වූ බටහිර ඉන්දීය කොදෙව් “ඒ” ක්‍රීඩකයෝ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට්‌ තරගයේ තෙවැනි දිනට තරගය නවතා දමන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක්‌ දැවී ලකුණු 165 ක්‌ ලබා දැඩි අසීරුතාවකට පත්ව සිටියේය.

දිමුත් කරුණාරත්න (131), කුසල් පෙරේරා (87) සහ නිරෝෂන් දික්‌වැල්ල (59) දියත් කළ සාර්ථක පිති ප්‍රහාරය හමුවේ කොදෙව් “ඒ” පිලට වඩා පළමු ඉනිමේදී ලකුණු 110 ක වාසියක්‌ අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකා “ඒ” පිල සමත් විය.

ඉනිමක පරාජයෙන් බේරීමේ ඉනිම ඇරඹූ කොදෙව්වන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ගැලවීමක්‌ නොලැබෙද්දී ඔවුන්ට තෙවැන දිනය නිමා වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව පසුකර ඉදිරියට පැමිණීමට හැකිවුයේ ලකුණු 55 ක්‌ පමණි. ඒ අනූව මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා “ඒ” ක්‍රීඩකයෝ වැඩි වාසියක්‌ අත්පත්කර ගැනීමට සමත් විය.

කොදෙව් “ඒ” පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්‌ වෙද්දී කැපී පෙනනම පන්දු යෑවීමක නිරත වූ සද්ධන්ත ක්‍රීඩකයකු ලෙස කැපී පෙනෙන රකීම් කොන්වෙල් ලකුණු 108 කට කඩුලු 8 ක්‌ බිද දැමීය. 23 හැවිරිදි රකීම්ගේ හොඳම පන්දු යෑවීම ලෙසද මෙය සටහන් වේ. ඔහු පළමු පෙළ තරග 17 කදී කඩුලු 77 ක්‌ සහ පිතිකරුවකු ලෙස ලකුණු 727 ක්‌ ලබා ඇති දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. එහෙත් කණ්‌ඩායම් දෙකේම සද්ධන්තම ක්‍රීඩකයා වන්නේද මොහු වීම විශේෂත්වයකි.

ඊයේ දිනයේදී තරගය අහවර වීමට වැඩි අවස්‌ථාවක්‌ තිබුණද තරගය නවතා දැමීමට පන්දුවාර කිහිපයක්‌ තිබියදී කොදෙව් “ඒ” පිලේ නව වැනි කඩුල්ල ලක්‍ෂාන් සඳකැන් විසින් දවා ගැනීමත් සමග තරගය නවතා දැමීමට විනිසුරුවන් තීරණය කළහ.

කොදෙව් “ඒ” පිලට ටෙස්‌ට්‌ ක්‍රීඩා කළ රාජනේද්‍ර චන්ද්‍රිකා, කිරාන් පවෙල් සහ කෙමාර් රොච් තිදෙනාම ක්‍රීඩා කරන අතර ශ්‍රී ලංකා කණ්‌ඩායමටද ටෙස්‌ට්‌ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් සිව්දෙනකුම ඇතුළත් වේ.

ලකුණු තත්ත්වය

කොදෙව් “ඒ” පිල පළමු ඉනිම 276 යි.

ශ්‍රී ලංකා “ඒ” පළමු ඉනිම ප්දුවාර 104.5 කදී සියල්ල දැවී ලකුණු 386 යි.(දිමුත් කරුණාරත්ල 131, කුසල් පෙරේරා 87, නිරෝෂන් දික්‌වැල්ල 59, අසේල ගුණරත්න 38, රකීම් කොනවෙල් 108/8 යි.)

කොදෙව් “ඒ” පිල දෙවැනි ඉනිම පන්දුවාර 75.5 කදී කඩුලු 9ට ලකුණු 165 යි. (ජෝන් කැම්බෙල් 22, සම්රා බ්‍රොක්‌ 28, විසුවල් සිංග් 46, ගුදකේෂ් මෝටි 34, අසිත ප්‍රනාන්දු 18/2, අසේල ගුණරත්න 30/2, ලක්‍ෂාන් සඳකැන් 47/3, චරිත් අසලංක 27/2 යි.)

Comments

comments

SHARE