ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කන්ඩායමේ දෙකක්

1599
0

ලෝක ගෘහස්‌ථ ක්‍රිකට්‌ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ගෘහස්‌ත කණ්‌ඩායම් දෙකක්‌ ලබන 16 දා වැනිදා එංගලන්තය බලා පිටත්ව යැමට නියමිතය.

වත්මන් ගෘහස්‌ත ක්‍රිකට්‌ ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්‌ථානයේ සිටින ශ්‍රී ලංකාව පසුගිය ගෘහස්‌ථ ක්‍රිකට්‌ ලෝක කුසලානයේදී තෙවැනි තැනට පත්ව ඇති අතර මෙවර ශූරතාව දිනා ගැනීමට අදාළ කණ්‌ඩායම් දෙකෙන් එක්‌ කණ්‌ඩායමකට හෝ අවස්‌ථාව ඇති බව කණ්‌ඩායම් කළමණාකරු හිරාන්ද මෙල් මහතා “දිවයින” ට පැවසීය.

“අපිට මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගන්න ලොකු අවස්‌ථාවක්‌ තියෙනවා. තරගාවලිය ඉලක්‌ක කරගෙන මාස හතරකට වැඩි කාලයක්‌ පුහුණුවීම් කළා. ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් මෙන්ම නවක ක්‍රීඩකයන් රැසක්‌ කණ්‌ඩායමේ ඉන්නවා.” යෑයි හිරාන් මහතා වැඩිදුරටත් පැවසීය.

වයස අවුරුදු 35 න් ඉහළ ශ්‍රී ලංකා ගෘහස්‌ත ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නායකත්වය කුමල් කුරුප්පු විසින් දරන අතර වයස අවුරුදු 40 ට ඉහළ කණ්‌ඩායමේ නායකත්වය මාලික අහමදීන් විසින් දරනු ලබයි.

හිටපු ශ්‍රී ලංකා ගෘහස්‌ත කණ්‌ඩායම් නායකයකු වූ අසේල පතිරණ කණ්‌ඩායම් දෙකේම පුහුණුකරුවා ලෙස කටයුතු කරන අතර ඔහු මෙවර කණ්‌ඩායමට ශූරතාව දිනා ගැනීමේ වැඩි අවස්‌ථාවක්‌ ඇති බව පවසයි.

දේශීය ක්‍රිකට්‌ තරගවලදී විශිෂ්ට දක්‍ෂතා දැක්‌වූ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ගෘහස්‌ත ක්‍රිකට්‌ ලෝක කුසලාන සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායමට ඇතුළත්ව තිබේ.

අදාළ ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සමග ඔස්‌ටේ්‍රලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, සිම්බාබ්වේ සහ එංගලන්ත කණ්‌ඩායම් තරග වැදීමට නියමිතය. තරගාවලිය ලබන 21 වැනිදා සිට 29 වැනිදා දක්‌වා බර්මින්හැම්හිදී පැවැත්වීමට නියමිතව තිබේ.

වයස අවුරුදු 35 ට වැඩි කණ්‌ඩායම

කමල් කුරුප්පු (නායක), සචිත්‍ර සිරිබද්ධන (උපනායක), හර්ෂද ද සිල්වා, තුසේන් ද සොයිසා, ඉරෝෂන් ද සිල්වා, සිසිල සෙනාරත්න, තුෂාර ලක්‌ෂිත, මොහොමඩ් සිද්ධික්‌, පාලිත රණමුකගේ, මධුරංග විඡේසේකර, චන්දන කන්නන්ගර, ප්‍රභාත් ජයවර්ධන, මොහොමඩ් ජාවිඩ්, අසේල පතිරණ (පුහුණුකරු), දන්දික වීරසේකර (සහය පුහුණුකරු), හිරාන් ද මෙල් (කළමණාකරු)

වයස අවුරුදු 40 වැඩි කණ්‌ඩායම

මාලික අහමදීන් (නායක), ටිරාන් සේනබදු (උප නායක), සංජීව ජයරත්න, ඩන්කන් ආනෝල්ඩ්, චමින්ද රාජපක්‌ෂ, ෂම්මික මීගහපොළ, ප්‍රභාත් රියාද්, ජනක ජයසුන්දර, ගාමිණී පෙරේරා, ටිරාන් විඡේසිංහ, අසේල පතිරණ (පුහුණුකරු), දන්දික වීරසේකර (සහය පුහුණුකරු) හිරාන්ද මෙල් (කළමණාකරු)

Comments

comments

SHARE