එංගලන්ත කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයට විශේෂ ආරක්ෂාවක්

203
0

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින හා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය හෙට (07දා) ඩකාහිදී ආරම්භ වීමට නියමිතය. ඒ දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගයෙනි. බංග්ලාදේශයේ ශෙරේ බංග්ලා පිටියේ තරගය පැවැත්වීමට නියමිතය.

බංග්ලාදේශයට පසුගිය කාලවකවානුවේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මෙම තරගාවලියට විශේෂ ආරක්ෂාවක් සැපයීමට බංග්ලාදේශ ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

තරගයට එක් දිනයක් තිබියදී අද දිනයේදීත් බංග්ලාදේශ ආරක්ෂක අංශ පුහුණු සැසියකට එක්විය. ඒ අනුව හදිසි අවස්ථාවක ක්‍රීඩකයන් පිටියෙන් ඉවත්කිරීම පිළිබඳව ඔවුන් සිය ආරක්ෂක පුහුණු සැසියෙන් තවදුරටත් පුහුණුවිය.

එංගලන්ත ක්‍රීඩකයන් රැදී සිටින හෝටල්, ඔවුන් ගමන් ගන්නා බස්රථ ඇතුළු සෑම අංශයක් වෙනුවෙන් බංග්ලාදේශය විශේෂ ආරක්ෂාවක් සපයා තිබේ. එංගලන්ත නිත්‍ය නායක ඔයින් මෝගන් හා ඇලෙක්ස් හේල්ස් ආරක්ෂක හේතූන් මත මෙම තරගාවලියට එක්නොවන අතර, ජෝස් බට්ලර් මෙම තරගාවලියේදී එංගලන්ත කණ්ඩායම මෙහෙයවයි.

Comments

comments

SHARE