රෝස පන්දුව ශ්‍රී ලංකා A කණ්ඩායමට ජය ගෙනේ

131
0

ලක්‍ෂාන් සඳකැන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ‘ඒ’ පන්දු යවන්නෝ කොදෙව් ‘ඒ’ පිලේ දෙවැනි ඉනිම ලකුණු 175 කට සීමා කිරීමත් සමග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති සිව්දින ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ අවසන් දිනයේ දිවා ආහාරයට පෙරම ජයග්‍රහණය දෝතට ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

ලක්‍ෂාන් සඳකැන් ලකුණු 51 කට කඩුලු හතරක්‌ බිඳ දැමීමත් සමග ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවන්ගේ ජයග්‍රාහී ඉලක්‌කය ලකුණු 66 ක්‌ ලෙස සටහන් විය. ඉලක්‌කය පහසු වුවත් ලකුණු පිපාසයෙන් පෙළෙන ශ්‍රී ලංකා ‘ඒ’ නායක දිමුත් කරුණාරත්න සංයමයකින් යුතුව පිති ප්‍රහාරයේ යෙදෙමින් පන්දු 63 කදී ලකුණු 39 ක්‌ රැස්‌ කරමින් ජයග්‍රහණය වන තෙක්‌ සිය අන්තය රැක ගැනීමට සමත් විය. ඔහුගේ ඉනිමට හතරේ පහර හතක්‌ ඇතුළත් විය.

පිතිකරුවකු ලෙස ලකුණු නියගයකට හසුව ජාතික කණ්‌ඩායමෙන් එළියට විසිවී සිටින ළහිරු තිරිමාන්න පළමු ඉනිමේදී ලකුණු දෙකකට දැවී යාම මත ඔහුව දෙවැනි ඉනිමේදී ආරම්භක පිතිකරු ලෙස යෙදවීමට ශ්‍රී ලංකා ‘ඒ’ කළමණාකාරීත්වය තීරණය කළේය. එහිදී තරමක්‌ ඉක්‌මනින් ලකුණු ලබා ගැනීමේ වෑයමක නිරත වූ තිරිමාන්න පන්දු 39 කදී හයේ පහරක්‌ සහ හතරේ පහර තුනක්‌ සමග ලකුණු 21 ක්‌ ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. තිරිමාන්නගේ කඩුල්ල කොදෙව් ‘ඒ’ පිලේ සද්ධන්ත ක්‍රීඩකයා ලෙස විරුදාවලිය ලබා සිටින රකීම් කෝනර්වෙල් විසින් දවා ගන්නා ලදී. ඒ අනූව කෝනර්වෙල් මෙම තරගයේ ඉනිම දෙකේදීම ලකුණු 138 කට කඩුqලු 9 ක්‌ දවා ගනිමින් කැපී පෙනෙනම පන්දු යවන්නා බවට පත්විය.

තිරිමාන්නගේ දැවී යාමෙන් පසුව රොෂේන් සිල්වා සහ චරිත් අසලංකද ලකුණු 13 ක්‌ ඇතුළතදී පිටියෙන් ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා ‘ඒ’ පහසු ඉලක්‌කය හඹා යැමේදී කඩුලු තුනක්‌ම අහිමි විය.

ලකුණු තත්ත්වය

කොදෙව් ‘ඒ’ පළමු ඉනිම 276 යි සහ දෙවැනි ඉනිම පන්දුවාර 79.2 කදී සියල්ල දැවී ලකුණු 175 යි. (ජෝන් කැම්බල් 22, සම්රා බෲක්‌ස්‌ 28, විසුවල් සිංග් 46, ගුදකේෂ් මෝටි 34, අසිත ප්‍රනාන්දු 21/2, අසේල ගුණරත්න 30/2, ලක්‍ෂාන් සඳකැන් 51/4, චරිත් අසලංක 27/2)

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම 386 යි සහ දෙවැනි ඉනිම පන්දුවාර 20.3 කදී කඩුලු 3ට ලකුණු 67 යි. (දිමුත් කරුණාරත්න (නොදැවී) 39, ළහිරු තිරිමාන්න 21, නිරෝෂන් දික්‌වැල්ල නොදැවී 4, කියොන් ජෝෂප් 17/2, කෝර්න්වෙල් 30/1)

Comments

comments

SHARE