වෙළෙඳ සේවා බැඩ්මින්ටන් තරගාවලිය හෙට සිට මසක් පුරා

75
0

වෙළෙඳ සේවා බැඩ්මින්ටන් සංගමය විසින් 33 වැනි වරටත් පවත්වනු ලබන වෙළෙඳ සේවා බැඩ්මින්ටන් තරගාවලිය මෙවරත් මෙම මස 08 වැනිදා කොළඹ 07 පිහිටා තිබෙන වෙළෙඳ සේවා බැඩ්මින්ටන් මූලස්‌ථාන ක්‍රීඩාංගණයේ ආරම්භ වේ. මෙම තරගාවලිය ලබන 30 වැනිදා දක්‌වා ක්‍රියාත්මක වනු ඇත.

වෙළෙඳ සේවා බැඩ්මින්ටන් සංගමය පවසන අන්දමට මෙවර තරගාවලිය සඳහා පෙර වසරවලට සාපේක්‌ෂව වඩා වැඩි තරගකරුවන් සංඛ්‍යාවක්‌ අයෑදුම්පත් භාර දී තිබීම නිසා තරගාවලිය මෙම මාසය පුරාම පැවැත්වීමට මුල් වී තිබේ.

කාණ්‌ඩ 24 ක්‌ යටතේ මෙවර තරගාවලියේ තරග පැවැත්වෙන අතර එහිදී කණ්‌ඩායම් 270 ක්‌ මෙවර තරගාවලිය නියෝජනය කිරීමේ අපේක්‌ෂාවෙන් පසුවෙති. ඒ අනුව මෙවර තරගාවලියේදී කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයේම තරග 2000 කට ආසන්න සංඛ්‍යාවක්‌ පැවැත්වෙනු ඇත.

මෙහිදී පිරිමි කොටසේ තරග ඒ කාණ්‌ඩයේ සිට එච් කාණ්‌ඩය දක්‌වාද කාන්තා කොටසේ තරග ඒ කාණ්‌ඩසේ සිට ඊ කාණ්‌ඩය දක්‌වාද පැවැත්වෙනු ඇත. ඊට අමතරව වයස අවු. 40 ට ඉහළ සහ 50 ට ඉහළ ප්‍රවීණ පිරිමි සහ අවු. 35 ට ඉහළ සහ 40 ට ඉහළ ප්‍රවීන කාන්තා වශයෙන් තරග ඉසව් ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

ඩියුලක්‌ස්‌ ආයතනය ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් කටයතු කරනු ලබන මෙවර තරගාවලියට ජාතික තලයේ පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකුට අධික සංඛ්‍යාවක්‌ සහභාගිවනු ලබන බව සංවිධායකයෝ දන්වා සිටිති.

තරගාවලිය පිළිබඳ වැඩි දුර විස්‌තර සහ කාල සටහන www.mercantilebadminton.com යන නිල වෙබ් අඩෙවියට පිවිසීමෙන් ලබාගත හැක. එමෙන්ම මේ සඳහා වැඩිදුර තොරතුරු 0714-345122 චන්දන හෝ 077-3312131 ධනුෂ්ක ඇමැතීමෙන් ලබාගත හැක.

Comments

comments

SHARE