එංගලන්තයත් රෑට ටෙස්ට් ක්‍රිකට් ගහන්න සැරසෙයි

340
0

ක්‍රිකට්‌ උපන් රට ලෙසින් සැලකෙන එංගලන්ත ක්‍රිකට්‌ කණ්‌ඩායම සිය පළමු දිවා-රාත්‍රී ටෙස්‌ට්‌ තරගයට ලබන වසරේ අගෝස්‌තු මාසයේදී සහභාගිවනු ලබන බව එංගලන්ත ක්‍රිකට්‌ ආයතනය විසින් ස්‌ථීර කර තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම සමගින් පැවැත්වෙන මෙම දිවා-රාත්‍රී ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය අගෝස්‌තු 17 වැනිදා සිට 21 වැනිදා දක්‌වා එඡ්බැස්‌ටන්හිදී පැවැත්වෙනු ඇත. බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු ටෙස්‌ට්‌ තරගය වශයෙන් පැවැත්වෙන මෙම ටෙස්‌ට්‌ තරගය විදුලි ආලෝක මධ්‍යයේ රෝස පැහැති පන්දුව භාවිතයෙන් පැවැත්වෙනු ඇත.

ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ දිවා-රාත්‍රී ටෙස්‌ට්‌ තරග තවමත් පවත්වා ඇත්තේ ඔස්‌ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර ඉකුත් නොවැම්බරයේ ඇඩිලේඩ්හිදී පැවැත් ටෙස්‌ට්‌ තරගය වන අතර එම තරගයෙන් ඔස්‌ටේ්‍රලියාව ජය වාර්තා කිරීමට සමත්විය. කෙසේ වෙතත් මෙම ටෙස්‌ට්‌ තරගයට සහභාගිවීමට ප්‍රථම බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම මෙම වසර අගදී පාකිස්‌තානය සමග එක්‌සත් අරාබි එමීර්හිදී රාජ්‍යයේදී දිවා-රාත්‍රි ටෙස්‌ට්‌ තරගයට සහභාගිවීමට නියමිතව තිබේ.

SHARE