ජෝන් කීල්ස්, මාස් යුනිචෙලා, කොමර්ෂල් ක්‍රෙඩිට් සහ ඩිමෝ අර්ධ අවසන් වටයට

251
0

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘ඒ’ කොටසේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගවලදී ජයලබාගත් ජෝන් කීල්ස්, මාස් යුනිචෙලා, කොමර්ෂල් ක්‍රෙඩිට් සහ ඩිමෝ කණ්ඩායම් අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට  සමත්වූහ. හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, මාස් ඇක්ටිව් සහ ටෙක්ස්ටර්ඞ් ජර්සී යන කණ්ඩායම් වලට අර්ධ අවසන් පූර්ව තරගවලදී පරාජයවීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති ජෝන් කීල්ස් සහ හැටන් නැෂනල් බැංකු පිල අතර තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නිරතවූ මනෝජ් සරත්චන්ද්‍ර (133) සහ ජනක ගුණරත්න (123) ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
මනෝජ් සරත්චන්ද්‍ර පන්දු 121 කදී හතරේ පහර 14 සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 133 ක් රැස්කළ අතර ජනක ගුණරත්න පන්දු 89 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 8 ක් සමගින් ලකුණු 123 ක් රැස්කිරීමට සමත්විය. මොවුන් දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල සදහා පන්දු 129 කදී ලකුණු 169 ක් සම්බව්ධතාවයක් පැවැත්වීමට සමත්වූහ.
එන්.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති කොමර්ෂල් ක්‍රෙඩිට් සහ ටෙක්ස්ටර්ඞ් ජර්සී අතර තරගයේදී අර්ධ ශතකයක් සහ ලකුණු 36 කට කඩුලු 5 ක් දවාගත් චතුරංග ද සිල්වා කොමර්ෂල් ක්‍රෙඩිට් පිල වෙනුවෙන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීමට සමත්වූයේය.

ජෝන් කීල්ස් පිලට ලකුණු 155 ක ජයක්

ජෝන් කීල්ස් – ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 358
(මනෝජ් සරත්චන්ද්‍ර 133, ජනක ගුණරත්න 123, චන්දුල වීරරත්න 79/2, සජීව වීරකෝන් 69/2, මාධව වර්ණපුර 55/2, සචින් ජයවර්ධන 56/2)
හැටන් නැෂනල් බැංකුව – ඕවර 42.5 කදී සියලුදෙනා දැවී ලකුණු 203
(සචින් ජයවර්ධන 67, සජීව වීරකෝන් 27, විකුම් බණ්ඩාර 34/3, මදුශාන් රවිචන්ද්‍රකුමාර 21/3, ශානුක දුලාජ් 25/2)

මාස් යුනිචෙලා පිලට කඩුලු 7 ක ජයක්

මාස් ඇක්ටිව් – ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 201
(ඩිල්ශාන් මුණවීර 55, ජෙහාන් මුබාරක් නොදැවී 44, තිලකරත්න සම්පත් 26, සචිත්‍ර සේරසිංහ 20, ළහිරු ජයරත්න 37/3, ෆර්වීස් මහරූෆ් 47/3)
මාස් යුනිචෙලා – ඕවර 30.3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 204
(ධනුෂ්ක ගුණතිලක 96, මහේල උඩවත්ත 37, තිලක්ෂ සුමණසිරි නොදැවී 28, තිලකරත්න ඩිල්ශාන් නොදැවී 20)

කොමර්ෂල් ක්‍රෙඩිට් පිලට ලකුණු 35 ක ජයක්

කොමර්ෂල් ක්‍රෙඩිට් – ඕවර 46.5 කදී සියලුදෙනා දැවී ලකුණු 229
(චතුරංග ද සිල්වා 66, සුරාජ් රංදීව් 28, ඉමේෂ් උදයංග 23, උපුල් තරංග 20, මිලින්ද සිරිවර්ධන 51/3, ජෙෆ්රී වැන්ඩර්සේ 54/3)
ටෙක්ස්ටර්ඞ් ජර්සී – ඕවර 36.4 කදී සියලුදෙනා දැවී ලකුණු 194
(මිලින්ද සිරිවර්ධන 79, ඩිලාන් ජයලත් 46, චතුරංග ද සිල්වා 36/5)

ඩිමෝ පිලට කඩුලු 6 ක ජයක්

සම්පත් බැංකුව – ඕවර 32.4 කදී සියලුදෙනා දැවී ලකුණු 149
(කෞෂාල් සිල්වා 34, දසුන් ශානක 32, පුලින තරංග 35/3, නිසල තාරක 47/2)
ඩිමෝ – ඕවර 17.2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 152
(නිපුන් කරුණානායක 68, ලසිත් අබේරත්න 44, කසුන් රාජිත 40/3)

Comments

comments

SHARE