ලොව ධනවත්ම ක්‍රිකට් ආයතනය ගිරයට හසුවෙයි

284
0

ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනයේ පරිපාලන ව්‍යqහය වෙනස්‌ කිරීම සම්බන්ධයෙන් ලෝධා කමිටුව නිර්දේශ කළ ක්‍රියාමාර්ග මෙතෙක්‌ අවදානයට නොගත් ඉන්දීය ක්‍රිකට්‌ ආයතනයට එරට අධිකරණය විසින් අවසන් රතුඑළිය මේ වන විට නිකුත් කොට තිබේ. ඒ අනුව ලබන 17 වැනිදාට පෙර ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනය ලෝධා කමිටු වාර්තාව ක්‍රියාත්මක කරන බවට ලි ත පොරොන්දුවක්‌ ලබා නොදුනහොත් ඉන්දියානු වත්මන් පරිපාලනයට අධිකරණ තීන්දුවක්‌ මගින් ගෙදර යැමට සිදුවන බව විදෙස්‌ වාර්තා සඳහන් කර සිටියි.

ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනයේ සිදුවන ඇතැම් දූෂිත ක්‍රියාමාර්ග නවතා දැමීම සඳහා හිටපු ඉන්දියානු අගවිනිසුරුවරයකු වූ ආර්. එම්. ලෝධා මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක්‌ සකස්‌ කළ වාර්තාව ක්‍රියාත්මක කළ යුතු බවට ඉන්දියානු අධිකරණය නියෝග කොට තිබේ. එම නිර්දේශ ක්‍රියාත්මක වුවහොත් ඉන්දියානු ක්‍රිකට්‌ දැඩි අර්බුදයකට ගොදුරුවනු ඇතැයි පවසමින් ඉන්දියානු ක්‍රිකට්‌ බලධාරීන් එය දිගින් දිගටම මග හරිමින් සිටියදී ඉන්දියානු අධිකරණය අවසන් නියෝගය නිකුත් කර තිබීම විශේෂත්වයකි.

අදාළ තත්ත්වය හේතුවෙන් අසීරුතාවට පත්ව සිටින ඉන්දියානු ක්‍රිකට්‌ සභාපති අනුරාග් ඨාකූර් මහතා මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ සහයද ලබා ගැනීමේ උත්සහයක නිරතව තිබේ. එහෙත් ඉන්දියානු අධිකරණ තීන්දුවකට ජාත්‍යන්තර ක්‍රිකට්‌ ආයතනයට කළ හැක්‌කක්‌ නොමැති බව වැඩිදුරටත් සඳහන් වේ. ඉන්දියානු ක්‍රිකට්‌ සභාපතිවරයා පෞද්ගලික දිවුරුම් ප්‍රකාශයක්‌ද මේ සම්බන්ධව ලබාදීමට කටයුතු කර ඇත.

ලෝධා වාර්තාව ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් පසුගිය සති අන්තයේදි ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනයේ බැංකු ගිණුම් සීල් තැබීමද විශේෂත්වයකි. ඒ හේතුවෙන් ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනය දැඩි අර්බුදයකට පත්වූ බව ඉන්දියානු ක්‍රිකට්‌ සභාපති අනුරාග් ඨාකුර් මහතා සඳහන් කර සිටියි.

”අපේ බැංකු ගිණුම් අත්හිටුවලා. කොහොමද අපි ක්‍රීඩකයන්ට සහ අනෙකුත් අයට දීමනා ලබාදෙන්නෙ. මුදල් නැතිව කිසිම වැඩක්‌ කරගන්න බැහැ. අපි රජයේ හෝ කොහෙවත් සල්ලි වලින් දුවන්නෙ නැහැ. අපේ ක්‍රිකට්‌ ආයතනය ලෝකයේ ධනවත්ම ක්‍රිකට්‌ ආයතනය. ඒ තත්ත්වයට ආවෙ බොහොම අමාරුවෙන්. නමුත් මෙහෙම යන විට ඒ කීර්තිනාමය විනාශ වෙලා යාවි” යෑයි ඨාකූර් මහතා පවසා තිබේ.

ඉන්දියාවේ මහාරෂ්ඨ සහ ‘යර්ස්‌’ බැංකුවල ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනයේ මුදල් තැන්පත් කර ඇති අතර එම මුදල් සම්පූර්ණයෙන් තහනම් නොකර ඇති බව හිටපු අගවිනිසුරු ආර්. එම්. ලෝධා මහතා ජාත්‍යන්තර මාධ්‍යයට පවසා තිබේ. ”ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනයට එදිනෙදාට අවශ්‍ය මුදල් ගන්න පුළුවන්. අපි කියන්නෙ ප්‍රාන්තවලට අනවශ්‍ය විදිහට විශාල මුදල් වියදම් කරන්න එපා කියලා’ යෑයි ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

ඉන්දියානු ක්‍රිකට්‌ වටා ගොඩ නැගී ඇති මහා ධනස්‌කන්ධය සමග සිදුවන අයථා ගනුදෙනු සහ මුදල් නාස්‌ති ඇතුළු තවත් නොයෙකුත් කරුණු විනිවිද භාවයකින් යුතුව කිරීම සඳහා ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනය ප්‍රතිව්‍යුහ ගත කිරීමට ලෝධා වාර්තාවේ ප්‍රධාන වශයෙන් ඇතුළත්ව තිබේ. කෙසේ වෙතත් ඉදිරියේදී මේ සඳහා ඉන්දියානු ක්‍රිකට්‌ බලධාරීන් කටයුතු නොකළහොත් නව පරිපාලනයක්‌ පැමිණීමේ වැඩි අවස්‌ථාවක්‌ද මේ වන විට නිර්මාණය වී තිබේ. එසේ වුවහොත් ඉන්දියානු ක්‍රිකට්‌ වෙළෙඳපොළ සහ ඒ ඔස්‌සේ යෑපෙන අනෙකුත් රාජ්‍යවල ක්‍රිකට්‌ ආර්ථිකයටද සියුම් පහරක්‌ වදිනු ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

Comments

comments

SHARE