අන්තර් පලාත් කාන්‍තා T20 කිරුල බස්නාහිරට

105
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් පළාත් කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාත් කණ්ඩායම ඊයේ සමත් විය.

කොළඹ කෝල්ට්ස් පිටියේ පැවැති අවසන් තරගයේදී පළමුව පන්දුවට පහරදුන් උතුරු මැද පළාත් කණ්ඩායම ලබාදුන් ලකුණු 132ක ඉලක්කය හඹාගිය බස්නාහිර පළාත් ක්‍රීඩිකාවෝ පන්දුවක් ඉතිරිව තිබියදී තරගයේ ජය හිමිකර ගත්තේ කඩුලු 4ක් පමණක් අහිමිකර ගනිමිනි.

ජයග්‍රාහී බස්නාහිර පළාත් පිල වෙනුවෙන් හන්සිමා කරුණාරත්න නොදැවී ලකුණු 52ක් හා නිපුනි හංසිකා ලකුණු 48ක් රැස් කළහ.

බස්නාහිර පිලේ ඇරැයුමෙන් පළමුව පන්දුවට පහරදුන් උතුරු මැද පළාත් පිලට චමරී අතපත්තු ලකුණු 67ක් හා දිලිනි මනෝදරා ලකුණු 41ක් එක් කළහ.

උතුරු මැද – 131/5 (ඕවර 20) චමරී අතපත්තු 67, දිලිනි මනෝදරා 41 (සඳනි තිවංකා 12/1)

බස්නාහිර – 135/4 (ඕවර 19.5) හන්සිමා කරුණාරත්න නොදැවී 52, නිපුනි හංසිකා 48 (ඉනෝකා රණවීර 27/2)

Comments

comments

SHARE