කළු පැල්ලම් සෝදා දැමූ ලෙන්ගතු මිතුරා

171
0
FILE - DECEMBER 29, 2012: South African born cricketer Tony Greig has died at the age of 66 in Sydney after suffering a heart attack. Reports suggest that Greig who went on to captain England during his playing career and then establish a subsequent career as a tetelevision commentator on the game had recently been diagnosed with lung cancer. Nov 1996: A portrait of Tony Greig of Great Britain taken during the first test match between Australia and the West Indies at Brisbane cricket ground in Australia. Mandatory Credit: Shaun Botterill/Allsport

ය 1974 එංගලන්ත කණ්ඩායමේ කොදෙව් සංචාරයේ පළමු ටෙස්ට් තරගයයි. ට්‍රිනිඩෑඩ් කුයින්ස් පාර්ක්  ඕවල් පිටියේ කාසියේ වාසිය දිනු කොදෙව්වන් සංචාරක පිලට මුලින් පන්දුවට පහර දෙන්නට  කළ  කැදවීම පළමු දිනය නිම වන්නට පෙරම තිතටම ගැලපුණු බව සහතිකය. ලොවට ක්‍රිකට් කියා දුන් සුද්දන් ලකුණු 131 කට සීමා කළ කොදෙව්වන් සිතු සේ රිසි සේ පිති කරකවන්නට විය.

තරගයේ දෙවන දිනය එංගලන්තයට අතිශය වෙහෙසකර විය.එංගලන්ත පන්දු යවන්නන්ගේ මානය උදුරා දැමු වමත් පිතිකරු ඇල්වින් කලිචරන් ශතකය ලැබූ පසුවත් තවත් දිගු ඉනිමකට පෙරමග සලකුණු කරමින් සිටියේය.එය දිනයේ යැවුණු අවසන් පන්දුවයි. ඒ වන විටත් කොදෙව්වන් පළමු ඉනිමේ කඩුලු 4 ක් අතැතිව ලකුණු 143 ක් ඉදිරියෙනි. පිතිකරු අන්තයේ  බර්නාර්ඩ් ජුලියන් සිටි අතර පන්දු යවන අන්තයේ නොදැවී ලකුණු 142 ක් ලබා කලිචරන් රැදී සිටියේය. ආරක්ෂිතව පන්දුව පිළිගත් බර්නාර්ඩ් ලකුණක් වෙනුවෙන් උත්සහ නොවුනේ හදිස්සිය නොවුමනා බැවිනි. වෙහසකර දිනයක නිමාව සොයමින් සිටි කලිචරන් ක්‍රීඩාගාරයට යන්නට සැරසුනා පමණි. පිතිකරු අසලම පන්දු රකිමින් සිටි උස අඩි 6″6 ක් වූ දේහදාරී ටෝනි ග්‍රෙග් සැනෙකින් දිව විත් පන්දු යවන්නාගේ කඩුල්ල බිද දමන ලද්දේ සියල්ලන් පුදුම කරමිනි.

විනිසුරු ඉදිරියේ එය දැවීයමක් ලෙස කළ ඉල්ලීමට ටෝනි ග්‍රෙග් සමගින් සෙසු එංගලන්ත ක්‍රීඩකයින්ද සැනෙකින් එකතු වූ අතර නීතියට අනුව එය දැවී යාමක් බව විනිසුරු මද වේලාවකින් සලකුණු කරන ලදී. මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහත්මා ගති අත් හරි මහත්වරුන්ට හතරේ සීමාවෙන් එපිට ලැබුනේ නරකම ප්‍රතිචාරයකි. දිනය නිමවා නිදහසේ ඉන්නට එංගලන්ත කණ්ඩායමට ඉඩක් නොලැබුණි.සතර වටින් ලැබූ ප්‍රතිචාර මත පැය 2ක් ඉක්මයාමට පෙර දුවද්දී දැවී යාමට කළ ඉල්ලීම තමන් ඉල්ලා අස්කර ගන්නා වග එංගලන්ත නායක මයික් ඩෙනීස් නිවේදනය කලේය.

පසුදා උදැසන යලි තම ඉනිම අරබූ කලිචරන් ලකුණු 158 ක් ලැබූ අතර එකී තරගය පහුසුවෙන්ම කොදෙව්වන් ජය ගත්තේ 1954 පසු කොදෙව් බිමේ පළමු පරාජය එංගලන්තයට හිමි කරමිනි. ලකුණු පුවරුව කුමක් උවත් මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ජීව ගුණය කෙලෙසු විකාර ගැටයා හෙවත් ටෝනි ග්‍රෙග් තරගයෙන් පසු පුවත් මවන්නෙක් වුයේ සමස්ත තරගයේම පිත්තෙන් හෝ පන්දුවෙන්ද ඔහු යමක් නොකළ බැවිනි.

එංගලන්ත පුවත් පත් දින ගණනක් ටෝනි ග්‍රෙග් පතුරු ගැසීය. සියල්ල ඉවසා සිටි ටෝනි පිත්තෙන් කථා කරන්නට ගත්තේ තුන්වන ටෙස්ට් තරගයේදී ලකුණු 148 ක් ලබමිනි. යලි සිව්වන ටෙස්ට් තරගයේ ද ශතකයක් ලැබූ ඔහු අවසන් ටෙස්ට් තරගයේ ජයග්‍රහණය තම පිලට හැරවූයේ උපායශීලී පන්දු යැවීමෙනි. පළමු ඉනිමේ කඩුලු 8 ක් සහ දෙවන ඉනිමේ කඩුලු 5 ක් බිදහෙලා තරගාවලිය සම කරගන්නට පාර කියූ ටෝනි යලි පුවත් අතර වීරයෙක් විය.

දකුණු අප්‍රිකාවේ විශ්ව විද්‍යාල සිසුවෙකු ලෙස නිවාඩු කාලයේ ක්‍රිකට් ගසන්නට ටෝනි එකළ එංගලන්තයේ  සසෙක්ස් පිලට එකතු විය.තම ප්‍රථම පළමු පෙළ තරගයේදීම ලැන්කෂයර් කණ්ඩායමට එරෙහිව මිනිත්තු 230 ක් කඩුල්ලේ රැදෙමින් ලකුණු 156 ක් ලැබූ මේ හිතුවක්කාරයා පසුදාම දකුණු අප්‍රිකාවේ සිටි තම පියාට ලිපියක් යැව්වේ සරසවි අධ්‍යාපනයට සමු දෙන බව කියමිනි.ඉන් වසර 6 කට පසු තම සිහින සැබෑ කළ ඔහු එංගලන්ත වර්ණ දිනා පසුව නායකත්වයද දින්නේය.

ක්‍රිකට් ලෝකයේ පෙරළි රැසක ටෝනි ග්‍රෙග් ඉදිරියෙන්ම විය. නුතන ක්‍රිකට් විලාසිතාවේ ඔහු පෙරගමන් කරුවෙකි.  “කැරිබියන් දඩයම ” ඔහුගේ ක්‍රිකට් දිවියේ කළු පැල්ලමක් උවත් ඒ සියල්ල යටපත් කළ ආකර්ශනයක් ඔහු සතු විය. දකුණු අප්‍රිකාවේ ඉපිද එංගලන්තයට ක්‍රීඩා කළ ටෝනි ඕස්ට්‍රේලියාවේ ජීවත් උවත් ශ්‍රී ලංකාවට අසීමිතව පෙම් කළ වග නම් නොරහසකි.

-මංජුල ලන්දෙකුඹුර-

Comments

comments

SHARE