ඓතිහාසික තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජයක්

137
0

ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ 200 වැනි අන්තර්ජාතික තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම කාම්බෝජයට එරෙහිව මුහුණදුන් තරගයෙන් ගෝල 4 – 0ක පරාජයක් වැළඳ ගත්තේය. දෙරට අතර සුහදතාවය තහවුරු කිරීම සඳහා පැවැති මෙම තරගය කාම්බෝජයේ නොම්පෙන් අගනුවර ප්‍රධාන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම තරගයේ වාසිය කිසිදු අයුරකින් තමන්ගෙන් උදුරාගැනීමට අවස්ථාවක් නොදුන් කාබ්බෝජ ක්‍රීඩකයන්, තරගයේ පළමු අර්ධය අවසන් වනවිට ගෝල 2 – 0 ක් ලෙස පෙරමුණ ගෙන සිටි අතර, අවසන් අර්ධයේදී අනෙක් ගෝල ද්විත්වය ලබාගැනීමට සමත්විය.

මෙම තරගයට පිවිසෙන විට කාම්බෝජය අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 173 වැනි ස්ථානයේද, ශ්‍රී ලංකාව එහි 193 වැනි ස්ථානයේද පසුවිය. මීට අමතරව රටවල් 46ක් අතරින් ශ්‍රී ලංකාව ආසියානු පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 42 වැනි ස්ථානයේද, කාම්බෝජය 33 වැනි ස්ථානයේද පසුවිය.

Comments

comments

SHARE