සහිරා පාපන්දු ශුරතාව වෙස්ලි රැගෙන යයි

102
0

සහිරා විදුහල් ක්‍රීඩාපිටියේදී නිමාව දුටු 12 වැනි සත් සාමාජික පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගන්නට කොළඹ වෙස්ලි විදුහල් කණ්ඩායම සමත් විය.

පාසල් පාපන්දු කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලියේ කුසලාන ශූරතාව සඳහා පැවැති අවසාන මහා තරගයේදී සත්කාරක සහිරා විදුහල් කණ්ඩායම පරදා වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායම දඬුවම් පහර ඇසුරෙන් ගෝල 3 – 2ක ජයග්‍රහණයක් වාර්තා කළේය.

තරගයේ නියමිත කාලසීමාව අවසානයේදීද දෙපිලම ගෝල නොලබා සිටි අතර ලබාදුන් අමතර කාලයේ ලබාගත් දඬුවම් පහර මඟින් එසේ වෙස්ලි කණ්ඩායම ජය වාර්තා කර ඇත.

තවද පලඟ ශූරතාව සඳහා පැවැති තරගයේදී කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලයීය පාපන්දු පිල පරදා කොළඹ රාජකීය විද්‍යාලය පලඟ ශූරතාව දිනාගත් අතර බඳුන ශූරතාවට හිමිකම් කීවේ කොටහේන සාන්ත බෙනඩික්ට් කණ්ඩායමයි. බඳුන ශූරතා අවසාන මහා තරගයේදී ඔවුන් අතින් පරාජයට පත්වූයේ සාන්ත පීතර කණ්ඩායමයි.

පලිහ ශූරතාව සඳහා මීගමුව මාරිස්ටෙලා කණ්ඩායම හා කොළඹ ඉසිපතන කණ්ඩායම් අවසානයේදී තරග වැදුණු අතර මාරිස්ටෙලා පිලට පලිහ ශුරතාව හිමිවිය. තරගාවලියේ හොඳම දැල රකින්නා ලෙස වෙස්ලි විදුහලේ එම්. නිෆ්රාස් සම්මාන දිනාගත් අතර තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගන්නා ලද්දේ සත්කාරක සහිරා විද්‍යාලයේ එම්. ෂෆ්රාස් විසිනි.

Comments

comments

SHARE