1996 දී අනා පුංචිහේවා ඉවත්කලේ අර්ජුන සහ තිලංග එක්වයි – දයාසිරි හෙලිකරයි

7253
0

1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  සභාපති ලෙස කටයුතු කල ආනා පුංචිහේවා මහතා එම තනතුරින් ඉවත් කරන්නට අර්ජුන රනතුංග මහතා සහ තිලංග සුමතිපාල මහතා එක්ව කටයුතු කල බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ හිරු ටීවී සලකුණ වැඩසටහනට එක් වෙමින්.

එකල ගජ මිතුරන් සේ සිටිමින් එකිනෙකාගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කල ඔවුන් දෙදෙනා සෑම විටම කටයුතු කලේ සිය පැවැත්ම උදෙසා බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ.

අදත් අර්ජුන සහ තිලංග එකිනෙකාගේ බලය වෙනුවෙන් ගහමරා ගත්තත් අවශ්‍ය මොහොතේදී ඔවුන් එක්ව කටයුතු කරනු ඇති බවත් දයාසිරි අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

එම නිසා ඔවුන්ගේ ප්‍රශ්ණ වලට තමන් ගාවා නොගන්නා ලෙසත් අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියා.

අර්ජුන රනතුංග අමාත්‍යවරයාගේ වත්මන් ක්‍රියා කලාපය දැඩිව විවේචනය කල ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අර්ජුන අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස කටයුතු කරන අවධියේදී ඔහුගේ පවුලේ සොහොයුරන්ට ක්‍රිකට් ආයතනයේ රැකියා ලබා දුන් බවයි.

පවුල් පාලනයට අද විරුද්ධව කතා කරන ඔහුට තමා කටයුතු කල ආකාරය දැන් අමතක වී ඇති බවත් දයාසිරි අමාත්‍යවරයා පවසනවා.

අර්ජුන සහ තිලංග සෑම විටම කටයුතු කලලේ තම තමන්ගේ ගොඩ තරකර ගැනීමට බවත් ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන් විසදා ගතයුතු බවත් ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

Comments

comments

SHARE