ආසියානු අවසන් ගැටුමට ශ්‍රී ලංකා රග්බි සංචිතය නම් කරයි

163
0

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසාන අදියර මෙම සති අන්තයේදී කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වීමට නියමිතයි.

අවසන් අදියර සදහා එක්වන  ශ්‍රී ලංකා ජාතික රග්බි සංචිතය ඊයේ නම් කරනු ලැබුවා.

ජාතික කණ්ඩායම් හිටපු නායක සුදර්ශන මුතුතන්ත්‍රී නැවතත් කණ්ඩායමට කැදවා තිබෙනවා.

තරගාවලියේ බලාපොරොත්තු සහගත ක්‍රීඩකයා වන මුතුතන්ත්‍රී හට තරගාවලියේ පළමු හා දෙවන අදියර මඟහැරී ගියේ ඔහුගේ මැණික් කටුව අසල ඇතිවූ අබාධ තත්ත්වයක් නිසාවෙනි.

මේ අතර දකුණු කොරියාවේ පැවති පළමු  අදියරේදී ආබාධයන්ට ලක්වූ  ජේසන් දිසානායක හා කෙවින් ඩික්සන් යන ක්‍රීඩකයින් යලි කණ්ඩායමට කැදවා තිබෙනවා.

ඒ අනුව හිරන්ත පෙරේරා, සශාන් මොහොමඩ් හා සාලිය හඳපාන්ගොඩ යන ක්‍රීඩකයින්ට අවසන් අදියර අහිමිව යනු ඇති.

අදියර 3කින් සමන්විත වන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර ලබන 15 සහ 16 යන දිනයන්හි කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම

දනුශ්ක රන්ජන් (නායක), ශ්‍රීනාත් සූරියබණ්ඩාර, රිචර්ඩ් ධර්මපාල, දුලාජ් පෙරේරා, දනුශ් දයාන්, කාංචන රාමනායක, කවිඳු පෙරේරා, ජේසන් දිසානායක, කෙවින් ඩික්සන්, සුදර්ශන මුතුතන්ත්‍රි, ඔමල්ක ගුණරත්න, තරින්ද රත්වත්තේ.

Comments

comments

SHARE