පලමු දිනයේ පාලනය කොදෙව් පිතිකරුවන් අතට ගනී

342
0

බටහිර ඉන්දීය කොදෙව් ඒ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ඊයේ (11 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී ඇරැඹි දෙවැනි නිල නොවන සිව් දින ක්‍රිකට්‌ තරගයේ පළමු දිනට තරගය නතර කර දමන විට පන්දුවට පහර දෙමින් සිටි කොදෙව් ඒ පිල කඩුලු 5 ක්‌ දැවී ලකුණු 331 ක්‌ ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය.

කොදෙව් පිල වෙනුවෙන් සාර්ථකම පිතිහරඹයක්‌ දියත් කළ ජමාර් හැමිල්ටන් ශතකයට එක්‌ ලකුණක්‌ පිටින් දැවී ගියේ ළහිරු කුමාරගේ දක්‌ෂ පන්දු රැකීම හමුවේය. ශතකය වෙනුවෙන්ම ඉක්‌මන් ලකුණක්‌ ලබා ගැනීමට තැත් කිරීම වැරැදී යැමෙන් පැය පැකිලී බිම නොවැටෙන්නට හැමිල්ටන් ට ශතකය පහසුවෙන්ම රැස්‌ කර ගැනීමට අවස්‌ථාව තිබිණ.

තනිකරම පිතිකරුවන්ගේ රජ දහනක්‌ බවට පත්වූ පල්ලකැලේ තණතීරුවේදී නායක ශමාත් බෲක්‌ස්‌ (03) හැරෙන්නට දැවී ගිය සියලුම පිතිකරුවන් සැලකිය යුතු ලකුණු සංඛ්‍යාවක්‌ රැස්‌ කර ගැනීමට සමත්වූහ. එහිදී අවම ලකුණු සංඛ්‍යාව වාර්තාවූයේ ආරම්භක පිතිකරු කිරන් පවෙල්ගේ පිත්තෙන් වන අතර හෙතෙම ලකුණු 29 ක්‌ ලබා ගත්තේය.

දිනය අවසන් වීමට පන්දුවාර 4 ක්‌ පමණක්‌ තිබියදී හැමිල්ටන් දැවී ගිය නමුත් ඊට පෙර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් විෂුවාල් සිං සමග ලකුණු 188 ක්‌ රැස්‌ කිරීමට හැමිල්ටන් සමත්විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ වාරය කොදෙව් පිලට ලබාදී වැඩි වාසියක්‌ ලබා ගැනීමට කාසියේ වාසිය දිනාගත් දිමුත් කරුණාරත්නගේ බලාපොරොත්තුව වුවද තණතීරුවෙන් මෙන්ම කොදෙව් පිතිකරුවන්ගේ සැලකිලිමත් පිතිහරඹය එම බලාපොරොත්තු බිඳ දමනු ලැබීය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් ළහිරු කුමාර, චරිත් අසලංක සහ දිමුත් කරුණාරත්න එක්‌ කඩුල්ල බැගින් දවාගත්හ.

මෙම තරගයට පසුගිය තරගය ක්‍රීඩා කළ කුසල් ජනිත් සහ ලක්‌ෂාන් සඳකැන් ක්‍රීඩා නොකළ අතර ඒ සඳහා ජෙµaරි වැන්ඩර්සි සහ අසිත ප්‍රනාන්දු එක්‌ව සිටියහ.

ලකුණු සාරාංශය/ බටහිර ඉන්දීය කොදෙව් ඒ පිල පන්දුවාර 89.4 කදී කඩුලු 5 ට ලකුණු 331 යි (චන්ද්‍රිකා 51, පවෙල් 29, හෙට්‌මෙයර් 48, සිං (නොදැවී) 81, හැමිල්ටන් 99)

Comments

comments

SHARE