ඉන්දියාවට දැවැන්ත ජයක්

291
0

රවිචන්ද්‍රන් අශ්වින්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග ඉන්දෝර්හිදී පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 321ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත් විය. මේ සමග තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ඉන්දියාව ජය ගත්තේය.

ඉන්දියාව ලබාදුන් ලකුණු 475ක අසීරු ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිලට ඕවර 44.5කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 153ක් පමණි.

ඉන්දියාව ජයග්‍රහණය කරාගෙන ගිය අශ්වින් දෙවැනි ඉනිමේදී කඩුලු 7ක් බිඳ දැමීමට සමත් විය.

ජයග්‍රාහී ඉලක්කය හඹායෑම ඇරැඹූ නවසීලන්ත පිලේ ආරම්භක පිතිකරු ටොම් ලේතම් (6) ලකුණු 7 වෙද්දී කඩුල්ල මුවා කිරීමට වරදට හසුකර ගැනීමට උමේෂ් යාදව් සමත් වූ අතර මුළු ලකුණු 42 දී නායක කේන් විලියම්සන් (42) රවිචන්ද්‍රන් අශ්වින් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය.

පළමු ඉනිමේදී නවසීලන්ත ඉනිම බිඳ දැමූ අශ්වින් ලකුණු 80දී රෝස් ටේලර් (32) හා 102දී ලුක් ‍රොන්චි (15) දවා ගනිමින් නවසීලන්තය අසීරු තත්ත්වයකට ඇද දැමුවේය. ඉන් අනතුරුව ක්‍රියාත්මකවූ රවින්ද්‍ර ජඩේජා, ජෙම්ස් නීෂම් ලකුණු ලබාගැනීමට පෙරත්, මාටින් ගප්ටිල් ලකුණු 29කටත් දවා ගත්තේය. අවසන් පිතිකරුවන් සිවුදෙනාම යළි ක්‍රීඩාගාරයට හරවා යැවූ අශ්වින් ඉන්දීය පිලට දැවැන්ත ජය හිමිකර දුන්නේය.

සිවුවැනි දිනය ආරම්භ කරනවිට කිසිවකු නොදැවී ලකුණු 18ක් ලබාසිටි ඉන්දීයාව ඊයේ කඩුලු 3ක් දැවී ලකුණු 216ක් ලබාසිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

එහිදී ගෞතම් ගම්භීර් ලකුණු 50ක් හා චෙටෙස්චර් පුජාරා නොදැවී ලකුණු 101ක් රැස් කිරීමට සමත් වූහ. ඉන්දීය පළමු ඉනිමේ සාර්ථකම පිතිකරු වු නායක විරාත් කෝලිට ඊයේ ලබාගත හැකිවූයේ ලකුණු 17ක් පමණි. අවසන් තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයද රවිචන්ද්‍රන් අශ්වින්ට හිමිවිය.

ඉන්දීය පළමු ඉනිම – 557/5යි. (ඕවර 169) ඉනිම අත්හිටුවන ලදි. විරාත් කෝලි 211, අජින්ක්‍යා රහනේ 188, රෝහිත් ශර්මා නොදැවී 51 සහ දෙවැනි ඉනිම – 216/3 (ඕවර 49) ඉනිම අත්හිටුවන ලදි. චෙටෙස්චර් පුජාරා නොදැවී 101, ගෞතම් ගම්භීර් 50

නවසීලන්තය පළමු ඉනිම – 299 (ඕවර 90.2) මාටින් ගප්ටිල් 72, ජේම්ස් නීෂම් 71, ටොම් ලේතම් 53 (රවිචන්ද්‍රන් අශ්වින් 81/6) සහ දෙවැනි ඉනිම – 153 (ඕවර 44.5) (රවිචන්ද්‍රන් අශ්වින් 59/7)

Comments

comments

SHARE