දිනුවොත් මුදල් කන්දක් දෙන නව ක්‍රිකට් කොන්ත්‍රාත්තුවට ඇතුලත් ක්‍රීඩකයින් මෙන්න

1076
0

මෙම ක්‍රිඩකයින් 30 දෙනා සඳහා වාර්ෂික ගිවිසුම් පිරිනැමීමේදී කී‍්‍රඩකයන්ගේ වාර්ෂික වැටුප මීට කලින් පැවැති ගිවිසුමට සාපේක්‍ෂව 42% ක් දක්වා අඩුකර තිබේ. එසේ වුවත් කණ්ඩායමේ සාමූහික දස්කම් මෙන්ම කී‍්‍රඩකයන්ගේ තනි පුද්ගල දස්කම් වර්ධනය කරගතහොත් කලින් පැවැති ගිවිසුමට අනුව ලබාගත් මුදලට ඉතාම ආසන්න ප‍්‍රමාණයක් හෝ ඇතැම් විට ඊටත් වඩා ලබාගැනීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩයන්ට ඉතිරි කර ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීහු කියති.
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ මෑත කාලීන දස්කම් දිගින් දිගටම පිරිහෙමින් පැවතීම නිසා කී‍්‍රඩකයන්ගේ දස්කම් ඉහළ දැමීමේ දිරිගැන්වීමක් ලෙසින් මෙම පියවර ගත් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
”කලින් පැවැති ගිවිසුම අනුව කී‍්‍රඩකයන්ගේ වැටුප් ලෙස සෑහෙන මුදල් ප‍්‍රමාණයක් ගෙවනු ලැබුවා. ඒත් එහෙම වුණා කියලා ඔවුන්ගේ දස්කම් වැඩි දියුණු වුණේ නෑ. කණ්ඩායම එන්න එන්නම පරාජය වුණා”
”ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලිය 3-0 කින් ජයගත්ත කණ්ඩායමක් එක්දින තරගාවලියේ පළමු තරග දෙක අවසන් වන විට 1-1 ක් ලෙසින් සමව සිටියත් ඊට පස්සේ තරගාවලිය 1-4 ක් ලෙසින් පරාජය වුණා….අපි කී‍්‍රඩකයන්ට වැටුප් ගෙවනවා නම් ඔවුන් වැටුපට සරිලන යමක් කළ යුතුයි” යයිද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වසරේදී ටෙස්ට් තරගාවලි තුනකට සහභාගි වූ අතර නවසීලන්තයේදී සහ එංගලන්තයේදී පැවැති තරගාවලි දෙකම 2-0 ක් ලෙසින් පරාජය විය. එසේ වුවත්  ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව ශී‍්‍ර ලංකාවේදී පැවැති  තරගාවලිය 3-0 ක් ලෙසින් ජයගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ සමත් වූහ.
මේ වසර මුලදී පැවැති නවසීලන්ත සංචාරයේ සිට එක්දින තරග 17 කට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඒවායින් ජයගෙන ඇත්තේ තරග 4 ක් පමණි. ජයගත් තරග 4 න් තරග දෙකක් අයර්ලන්ත පිලට එරෙහිවය. මේ වසරේදී (විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියද ඇතුළුව) විස්සයි:20 තරග 16 කට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමට ජයගත හැකිවී ඇත්තේ තරග 3 ක් පමණි.
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ මෑත කාලීන තරග වාර්තාවේ පරාජයන් වැඩිවීමට හේතුව වී ඇත්තේ කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයන් වූ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙදෙනාම 2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමයි.
”හරි ඒකත් හේතු-වක් තමා. ඒත් තරුණ කී‍්‍රඩකයන්ගේ දස්කම් වලට මොකද වෙලා තියෙන්නේ?”
”ක‍්‍රීඩකයන්ගේ ජ්‍යෙෂ්ඨත්වය වැඩිවෙන විට ගෙවීම් වැඩිවෙනවා. ඒත් ඒවායින් ප‍්‍රතිඵල තියෙන්න  ඕනේ…පසුගිය කාලයේදී මාස 15 ක්
ඇතුළත එක කී‍්‍රඩකයකුට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් ගෙවලා තියෙන වැටුප ඔහු ලබාගත් අන්තර්ජාතික ලකුණු වලින් බෙදලා බැලූවාම එක ලකුණකට රුපියල් 56,000 ක් වෙලා තියෙනවා”
”ඒ වගේ කී‍්‍රඩකයන්ට අපි කියන්නේ තමන්ගේ දස්කම් වැඩි කරගෙන තමන්ට ලැබෙන ආදායමත් වැඩිකරගන්න කියලයි. වෘත්තීයත්වය කියන්නේ වැඩි දස්කම් වෙනුවෙන් වැඩි මුදලක් ගෙවීමයිි….මේ සේරමලා වෘත්තීය කී‍්‍රඩකයෝ” යයිද කී‍්‍රඩකයන්ගේ ගෙවීම් සම්බන්ධයෙන් කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ තවත් නිලධාරියෙක් පැවසීය.
පසුගිය වසරේ තිබූ ගිවිසුම අනුව ටෙස්ට් තරගයක් සඳහා කරන ලද ගෙවීම නව ගිවිසුම අනුව 33% කින් අඩුකර තිබේ. එහෙත් ඒ තරගයක් පරාජය වන්නේ නම් පමණි.
ටෙස්ට් තරගයක් ජයගන්නා සෑම අවස්ථාවකදීම කී‍්‍රඩකයන්ගේ තරග මුදල පසුගිය වසරේ ටෙස්ට් තරගයක් සඳහා ගෙවූ මුදල මෙන් 133% ක් වනු ඇත. ටෙස්ට් තරගාවලියක දෙවැනි තරගය ජයගැනීමේදී (තරගාවලිය ජයගැනීමේදී) තවත් ප‍්‍රසාද මුදලක් කී‍්‍රඩකයන්ට එකතු වන අතර 3-0 ක තරගාවලි ජයක් ලබාගත හැකි නම් අති විශේෂ ප‍්‍රසාද දීමනාවක් කී‍්‍රඩකයන්ට හිමිවේ. ඊට අමතරව ටෙස්ට් ශතකයක් හෝ ඉනිමකදී කඩුලූ 5 ක් දවාගන්නා සෑම අවස්ථාවකදීම ටෙස්ට් තරගයකට ගෙවනු ලබන වැටුප පාරිතෝෂිකයක් ලෙසින් ගෙවන බවද ජාතික කණ්ඩායමේ වාර්ෂික ගිවිසුමට ඇත-ුළත් කර තිබේ.
මෙම කොන්දේසි අනුව තරගයක් පරාජය නොවී තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලි දෙකක් ජයගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් සමත් වේ නම් (ටෙස්ට් තරග 4 ක ජයග‍්‍රහණ* එම කණ්ඩායමේ සාමාජිකයකු වෙමින් ශතක දෙකක් හෝ ඉනිම දෙකකදී කඩුලූ 5 ක් බැගින් ලබාගන්නා කී‍්‍රඩකයකුට ටෙස්ට් තරග 12 ක වැටුප හිමිකර ගැනීමට අවස්ථාව තිබේ.
පසුගිය වසරේ වාර්ෂික ගිවිසුම අනුව එක්දින සහ විස්සයි:20 තරගයක් වෙනුවෙන් ගෙවන ලද වැටුප අඩුකර නැත. එහෙත් එක්දින තරගයකදී ශතකයක් හෝ කඩුලූ 5 ක් දවාගන්නා කී‍්‍රඩකයකුට පාරිතෝෂිකයක් ලෙසින් ටෙස්ට් තරගයක වැටුප ගෙවනු ලැබේ. විස්සයි:20 තරගයකදී ශතකයක් හෝ කඩුලූ 5 ක් දවාගන්නා කී‍්‍රඩකයකුට ටෙස්ට් තරගයක වැටුප මෙන් 150% ක් පාරිතෝෂිකයක් ලෙසින් හිමිවනු ඇත.
ජාතික සංචිතයේ සිටින කී‍්‍රඩකයන් 30 දෙනාට පිරිනැමෙන වාර්ෂික ගිවිසුම් වල වැටුප් සටහන් කෙරෙන්නේ ඇමරිකානු ඩොලර් වලිනි. මෙම ගිවිසුම් ශී‍්‍ර ලංකා කණ්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව යාමට පෙර අත්සන් කිරීමට නියමිතය. ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ මස අවසන් සතියේදී සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිත අතර සිම්බාබ්වේ – ශී‍්‍ර ලංකා පළමු ටෙස්ට් තරගය මේ මස 29 වැනිදා සිට නොවැම්බර් 2 වැනිදා දක්වා හරාරේ නුවරදී පැවැත්වේ.
ශී‍්‍ර ලංකාවේ දේශීය තරගාවලියට සහභාගි වන කී‍්‍රඩකයන් 70 දෙනකුට පිරිනැමෙන වාර්ෂික ගිවිසුම් වල වැටුප් අගයන් සටහන් කෙරෙන්නේ ශී‍්‍ර ලංකා රුපියල් වලිනි. එහිදී කී‍්‍රඩකයන් මාස 12 ක ගිවිසුමකට යටත් කෙරුණද ඔවුන්ට වාර්ෂිකව හිමිවන මුදල මාස 6 කදී ගෙවීමට කටයුතු කරන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල මහතා පෙරේදා පැවැති පුවත් පත් සාකච්ඡුාවකදී පැවසීය.
මෙම ගිවිසුම් වල කෙටුම්පත් පසුගිය සති අන්තයේදී ඔවුන්ට බාර දී ඇතත් තවමත් ඊට අත්සන් තබා නැතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කියයි.
ශී‍්‍ර ලංකාවේ අන්තර් කී‍්‍රඩා සමාජ තරගාවලිය ස්ථර දෙකකින් යුතුව පැවැත්වේ. එහි ‘ඒ’ තලයට කණ්ඩායම් 14 ක් අයත්වන අතර ‘බී’ තලයට කණ්ඩායම් 10 ක් ඇතුළත් වේ. ශී‍්‍ර ලංකාවේ අන්තර් කී‍්‍රඩා සමාජ තරගාවලිය නොවැම්බර් මස මුල් සතියේදී ආරම්භ වීමට නියමිතය.

ජාතික කොන්ත්‍රාත්තුවට ඇතුලත් ක්‍රීඩකයින්

ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, කුසල් මෙන්ඩිස්, කෞෂාල් සිල්වා, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, දිල්රුවන් පෙරේරා, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දිමුත් කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ලක්‍ෂාන් සඳකැන්, ජෙෆ්රි වැන්ඩර්සේ, ළහිරු තිරිමාන්න, මිලින්ද සිරිවර්ධන, ධනුෂ්ක ගුණතිලක, ලසිත් මාලිංග, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, සචිත්‍ර සේනානායක, සචිත් පතිරණ, උපුල් තරංග, ධම්මික ප්‍රසාද්, ඇන්ජලෝ පෙරේරා, තිසර පෙරේරා, රොෂේන් සිල්වා, අමිල අපෝන්සු, සීක්කුගේ ප්‍රසන්න හා ෂාමින්ද එරංග

Comments

comments

SHARE