ශ්‍රී ලංකා පිල අමාරුවේ

607
0
WICB President's XI squad cricketer Rahkeem Cornwall delivers a ball during Day 2 of the three-day tour match between India and WICB President's XI squad at the Warner Park stadium in Basseterre, Saint Kitts, on July 15, 2016. / AFP PHOTO / Jewel SAMAD

රකීම් කෝර්නවෙල්ගේ දඟ පන්දුව හමුවේ අසරණවූ ශ්‍රී ලංකා “ඒ” පිල පල්ලකැලේදී බටහිර ඉන්දීය කොදෙව්ව “ඒ” පිල සමග පැවැත්වෙන සිව්දින ක්‍රිකට්‌ තරගයේ පරාජයෙන් බේරීම සඳහා දැඩි සටනක නිරත වෙමින් සිටියි.

තරගයේ තෙවැනි දිනට (13 දා) නවතා දමන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 2 ක්‌ දැවී ලකුණු 36 ක්‌ ලබා සිටි අතර ඒ අනූව තරගයේ අවසන් දිනය වන අද (14 දා) ජයග්‍රහණය සඳහා ලකුණු 445 ක්‌ රැස්‌ කිරීම හෝ දිනය අහවර වන තෙක්‌ කඩුලු අටක්‌ රැක ගැනීමේ වගකීම දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා “ඒ” පිල හමුවේ ඇති අසීරු අභියෝගයකි.

ශ්‍රී ලංකා පළමු ඉනිම ප්‍රාණවත් කළ නායක දිමුත් කරුණාරත්න (68) සහ නිරෝෂන් දික්‌වැල්ල (88) සාර්ථක පිති ප්‍රහාරයක්‌ දියත් කළද අතර මැද පෙළින් පැමිණි අසේල ගුණරත්න ලකුණු 46 ක්‌ ලබා නොගන්නට ශ්‍රී ලංකා “ඒ” පිල දැඩි අගාධයකට තල්ලු වීමට ඉඩ තිබුණි.

යළිත් වරක්‌ අසාර්ථක වූ ළහිරු තිරිමාන්න දෙවැනි ඉනිමේදීද ලකුණු 3 කට දැවී ගිය අතර නායක කරුණාරත්නද දැවී යැම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආරම්භක කඩුලු දෙකම මේ වන විට ක්‍රීඩාගාරයේ සිටීම ශ්‍රී ලංකාව තවත් අසරණ කරවන්නක්‌ වී තිබේ.

පළමු සිව්දින තරගයේදී කඩුලු අටක්‌ දවාගත් කොදෙව් පිලේ සිටින සද්දන්තම ක්‍රීඩකයා වන රකීම් කෝර්නවෙල් මෙම සිව්දින තරගයේ දෙවැනි ඉනිමේදීත් කඩුලු හයක්‌ බිඳ දමමින් කොදෙව්වන් ඉහළට ඔසවා තැබුහ.

ලකුණු තත්ත්වය

කොදෙව “ඒ” පිල පළමු ඉනිම කඩුලු 9ට ලකුණු 509 යි.

ශ්‍රී ලංකා “ඒ” පිල පළමු ඉනිම සියල්ල දැවී ලකුණු 216 යි.

කොදෙව් දෙවැනි ඉනිම පන්දුවාර 42 කදී කඩුලු 3ට ලකුණු 216 යි. (රාඡේන්ද්‍ර චන්ද්‍රිකා 68, සම්රාබ්රොක්‌ නොදැවී 53, ජාමර් හැමිල්ටන් නොදැවී 56, ළහිරු කුමාර 39/1 යි.)

ශ්‍රී ලංකා “ඒ” දෙවැනි ඉනිම පන්දුවාර 11 කදී කඩුලු 2ට ලකුණු 36 යි. (අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 18, රොෂේන් සිල්වා නොදැවී 11, කෙමාර් රොච් 13/1 යි.)

Comments

comments

SHARE