පාකිස්තානය අණසක පතුරවයි

196
0
Pakistani batsman Sami Aslam (L) plays a shot as West Indies wicketkeeper Shai Hope (C) looks on during the opening day of the first day-night Test between Pakistan and the West Indies at the Dubai International Cricket Stadium in the Gulf Emirate on October 13, 2016. Openers Ali and Sami Aslam gave Pakistan a solid start against West Indies on the opening day of the day-night Test. / AFP / AAMIR QURESHI (Photo credit should read AAMIR QURESHI/AFP/Getty Images)

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය අතර පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ ආරම්භවුනා

ඒ එක්සත් අරාබි එමීර්  රාජ්‍යයේ ඩුබායි හිදී.

ලොව දෙවන දිවා රාත්‍රී ටෙස්ට් තරගය ලෙසයි මෙම තරගය ඉතිහාසයට එක් වන්නේ

එමෙන්ම පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන 400 වන ටෙස්ට් තරගයද මෙයයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානය පළමුව පන්දුවට පහරදෙන්නට තීරණය කළා.

ඒ අනුව පාකිස්තානු ඉනිම ආරම්භ කලේ සාමි අස්ලාම් සමගින් අසාර් අලී

ඔවුන් දෙදෙනා සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ පළමු කඩුල්ලට ලකුණු 215ක සබදතාවක් ගොඩ නගමින්.

අලි සිය 11වන ටෙස්ට් ශතකය වාර්තා කරන්නට ඊයේ සමත් වුනා.

සාමී අස්ලාම් ලකුණු 90කට දැවී ගියා.

දිනය නිමාවනවිට පකිස්තානු කණ්ඩායම  සිය පළමු ඉනිම සදහා එක් කඩුල්ලක් දැවී ලකුණු 279ක් ලබා සිටියා.

අසාර් අලී නොදැවී ලකුණු 146යි.

අසාද් සාෆික් නොදැවී ලකුණු 33යි.

 

Comments

comments

SHARE