අලී වැඩ පෙන්වයි

267
0

අසාර් අලීගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවත්වෙන පළමු දිවා රාත්‍රී තරගයේ දෙවන දිනය නිමාවන විට පාකිස්තානය ඉතා ප්‍රබල තත්වයක පසුවුණා.

දිනය නිමා වනවිට සිය පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි කොදෙව්වන් එක් කඩුල්ලක් දැවී ලකුණු 69ක් ලබාගෙන සිටියා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානු පිතිකරුවන් සිය පළමු ඉනිම සදහා කඩුලු 3ක් දැවී ලකුණු 579ක් ලබාගෙන ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

පාකිස්තානු පිතිකරුවන් සියලුදෙනාම ලකුණු අතරට පැමිණීම කැපී පෙනුනා.

සාමි අස්ලාම් ලකුණු 90යි.

අසාද් සාෆික් ලකුණු 67ක් සහ සිය මංගල ටෙස්ට් ඉනිම ක්‍රීඩා කල බාබර් අසාම් ලකුණු 69ක් ලබා ගත්තා

අගනා ඉනිමක් ක්‍රීඩා කල ආසාර් අලී නොදැවී ලකුණු 302ක් ලබා ගත්තා.

මිනිත්තු 658ක් පුරා කඩුල්ලේ රැදී සිටි අසාර් අලී සිය ඉනිම හතරේ පහර 23කින් සහ හයේ පහර දෙකකින් වර්ණවත් කළා.

පාකිස්තානු ක්‍රීඩකයෙක් ටෙස්ට් තරගයකදී ත්‍රිත්ව ශතකයක් ලබා ගත් සිව්වන අවස්තාව මෙයයි.

01 02 04 05 06 08 09

Comments

comments

SHARE