ශ්‍රී ලංකාවට පහසු ජයක්

208
0

ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ අවසන් අදියර අද ශ්‍රී ලංකාවේදී ආරම්බවුනා

දින දෙකක් පුරා මෙම තරගාවලිය පැවැත්වෙන්නේ කොළඹ තුරග තරඟ රග්බි ක්‍රීඩාංගනයේදී.

රටවල් 8ක් එක්වන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින්නේ B කාණ්ඩයෙන්

අද පස්වරුවේ ඔවුන් සිය පළමු තරගයට සහභාගී වුනා.

ඒ චීන තායිපේ කණ්ඩායම සමගින්.

එම තරගය ලකුණු 26 – 07ක් ලෙස පහසුවෙන් ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ගෝල දිනුම් 3ක් සහ උත්සාහක දිනුමක් මගින් සිය ලකුණු 26 රැස් කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත්වුනා.

මුලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන මීලග තරගය පැවැත්වෙන්නේ සිංගප්පුරුව සමගින්.

Comments

comments

SHARE