ශ්‍රී ලංකාව යලි චීනය හමුවේ පරදී

254
0

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියරේ මුලික වටයේ අවසන් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ පැවැත්වුනා

ඒ චීන කණ්ඩායම සමගින්

එම තරගය ලකුණු 26 – 12ක් ලෙස ජය ගන්නට සමත්වුනේ චීනයයි.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු සහ දෙවන අදියර වලදීද ශ්‍රී ලංකා කණ්ඩායම චීනය හමුවේ පරාජය වීම කැපී පෙනුනා.

කෙසේ වුවත් මුලික වටයේ තරග දෙකක් ජය ගැනීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබුවා.

අවසන් පුරවා වටයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ හොං කොං කණ්ඩායමයි.

Comments

comments

SHARE