ශ්‍රී ලංකාවට අවසන් තරගය අහිමි වෙයි

479
0

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියරේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ අවස්තාව ශ්‍රී ලංකා කන්ඩායමට අද අහිමිව ගියා.

ඒ පලමු අවසන් පුර්ව තරගයේදී හොංකොං කන්ඩායම හමුවේ පරාජය වීම නිසා.

මෙම තරගය හොංකොං කන්ඩායම ජය ගත්තේ ලකුනු 17 – 07ක් ලෙසින්.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ මුල් අදියර දෙකේදීම අවසන් තරගයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා කන්ඩායම මීට පෙර සමත් වුනා.

අද පැවති දෙවන අවසන් පූර්ව තරගයේදී චීන කන්ඩායම පරාජය කල දකුනු කොරියාව අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

තරගාවලියේ තුන්වන ස්තානය සදහා ශ්‍රී ලංකා කන්ඩායම සහ චීනය තරග වදිනු ඇති.

Comments

comments

SHARE