ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන අදියරේ සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

111
0

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි අධියරේ සත්කාරකයන් බවට පත්වූ ශ්‍රී ලංකා කණ්‌ඩායමට ඊයේ (16 දා) සිව්වන ස්‌ථානයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය. ඒ අනුව ඔවුන් අදාළ තෙවන ස්‌ථානය සඳහා පැවැති තරගයේදී තියුණු සටනකින් අනතුරුව 24-21 ක්‌ වශයෙන් චීන කණ්‌ඩායම හමුවේ පරාජයට පත්විය.

එසේම පැවැති අධියරයන් තුනේදීම ශූරතාව දිනාගත් හොංකොං කණ්‌ඩායමට තරගාවලියේ සමස්‌ත ශූරතාව හිමි විය.

තෙවැනි ස්‌ථානය වෙනුවෙන් පැවැති තරගයේදී චීන කණ්‌ඩායම උත්සාහක දිනුම් 4 ක්‌ ගෝල ප්‍රවර්ථන 2 ක්‌ සමගින් ලකුණු රැස්‌කරන අතරවාරයේ ශ්‍රී ලංකා කණ්‌ඩායමට සාර්ථක කරගත හැකිවූයේ උත්සාහක දිනුම් 3 ක්‌ හා එම ගෝල ප්‍රවර්ථන 3 ක්‌ පමණි.

කෙසේ නමුත් තරගයේ අවසන් මිනිත්තු කිහිපය වනතෙක්‌ම ලකුණු 21-7 ක්‌ වශයෙන් ශ්‍රී ලංකා කණ්‌ඩායම පෙරමුණේ පසු වූ නමුත් චීන කණ්‌ඩායම එක පිට වාර්තාකරන ලද උත්සාහක දිනුම් තුන සහ ගෝල ප්‍රවර්ථනය හේතුවෙන් තරගයේ ජය චීන කණ්‌ඩායම සතු විය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායක ධනුෂ්ක රංජන්, ශ්‍රීනාත් සූරියබණ්‌ඩාර හා රිචඩ් ධර්මපාල උත්සාහක දිනුම බැගින් වාර්තාකර ගත්හ.

පළඟ කුසලාන වෙනුවෙන් පැවැති අවසන් තරගයේදී ලකුණු 19-14 කින් ජපාන කණ්‌ඩායම පරාජයට පත්කළ මලයාසියා කණ්‌ඩායම එම ශූරතාව දිනාගත් අතර ලකුණු 22-17 කින් සිංගප්පූරු කණ්‌ඩායම පරාජයට ඇද දැමූ චීන තායිපේ කණ්‌ඩායමට බඳුන ශූරතාව හිමි විය.

Comments

comments

SHARE