සිව්වන දිනය දෙපිලටම වාසි ගෙනදෙයි

430
0

ඩුබායී හීදී පැවැත්වෙන  කොදෙව් – පාකිස්තාන පලමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය නිමාවනවිට ජයග්‍රහණය සදහා ලකුණු 346ක ඉලක්කයක් හබා යන කොදෙව්වන් එක් කඩුල්ලක් දැවී ලකුණු 29ක් ලබාගෙන සිටියා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පලමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටි කොදෙව්වන්ට ලකුණු 357දී සිය ඉනිමට නැවතීමේ තිත තබන්නට සිදුවුනේ ඒ වනවිට ඔවුන්ගේ සියලු පිතිකරුවන් ක්‍රීඩාගාරයට ගොස් සිටි නිසා.

ඩැරීන් බ්‍රාවෝ ලකුණු 87කින් සහ සැමුවෙල්ස් ලකුණු 76කින් කොදෙව් පලමු ඉනිම සවිමත් කලා.

පන්දු යැවීමේදී යසීර් ෂා කඩුලු 5ක් දවා ගත්තා.

පාකිස්තානය සිය පලමු ඉනිම සදහා කඩුලු 3ක් දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 579ක්.

ලකුණු 222ක වාසියක් සමගින්  දෙවන ඉනිම සදහා පන්දුවට පහරදුන් පාකිස්තානයට සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුනේ ලකුණු 123ක් පමණයි.

සාමි අස්ලාම් ලකුණු 49යි.
පන්දු යැවීමේදී දේවේන්ද්‍ර බිෂෝ ලකුණු 49කට කඩුලු 8ක් දවා ගාත්තේ සිය ටෙස්ට් දිවියේ හොදම පන්දු යැවීම සටහන් කර ගනිමින්.

ඒ අනුව මෙම තරගයෙන් ජය ගැනීම සදහා කොදෙව්වන් තවත් ලකුණු 317ක් ලබාගතයුතු වනවා.

Comments

comments

SHARE