කිවියන් සමග පලමු එක්දින තරගයේ ජය ඉන්දියාවට

347
0

නවසීලන්තය සමග තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පලමු තරගයෙන් කඩුලු 6ක ජයක් ලබන්නට ඉන්දීය කන්ඩායම ඊයේ සමත් වුනා.

මෙම තරගය පැවැත්වුනේ ධර්මසාලා හීදී.

තරගයේ පලමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 43යි පන්දු 5කදී සියල්ලන් දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 190ක්.

ඔවුන්ගේ මුල් කඩුලු 8 ලකුණු 106ක් තුල බිද වැටුණා.

වන්නට තිබුනු අවමානයකින් සිය කණ්ඩායම ගලවා ගත්තේ 9වන කඩුල්ලට පිටියේ එක්වුනු ටොම් ලේතම් සහ ටිම් සවුති.

ඔවුන් දෙදෙනා ලකුණු 73ක සබදතාවක් ගොඩ නැගුවා.

සවුති ලකුණු 55යි.
ඔහු සිය ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් ඇතුලත් කලා.
ලේතම් නොදැවී ලකුණු 79යි.
ඔහුගේ ඉනිම හතරේ පහර 7කින් සහ හයේ පහරකින් අලංකාර වුනා.

නවසීලන්ත ඉනිම වැනසූ හර්කිත් පාන්ඩ්‍යා සහ අමිත් මිශ්‍රා කඩුලු 3 බැගින් දවා ගත්තා.

ඊට අමතරව උමේෂ් යාදව් සහ කේඩර් ජදාව් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ඉන්දියාව පන්දුවාර 33යි එක් පන්දුවක් තුල කඩුලු 4ක් දැවී ලකුණු 194 ක් ලබාගෙන මෙම තරගය පහසුවෙන් ජය ගත්තා.

අජින්ක්‍යා රහනේ ලකුණු 33යි.

ඉන්දීය ජයග්‍රහණයේ නියමුවා වූ විරාත් කෝලි නොදැවී ලකුණු 85ක් රැස් කලා.
ඒ හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමගින්.

Comments

comments

SHARE