මාස් යුනිචෙලා අවසන් වටයට

314
0
file photo

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘ඒ’ කොටසේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයකදී ඩිමෝ පිලට එරෙහිව ලකුණ 195 ක ජයක් ලබාගත් මාස් යුනිචෙලා පිල අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.
ජයග්‍රහණය සදහා ලකුණු 350 ක ඉලක්කයක් හඹාගිය ඩිමෝ පිලට ඕවර 29.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 154 ක් පමණී.

නිසල තාරක ලකුණු 37 ක් රැස්කර ගනිමින් ඩිමෝ පිලේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවාවූ අතර ඩිල්රුවන් පෙරේරා ලකුණු 19 කට කඩුලු 3 ක් සහ තිලකරත්න ඩිල්ශාන් ලකුණු 35 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කාසියේ වාසිය දිනාගත් ඩිමෝ පිල පළමුව පන්දුවට පහරදීම සදහා මාස් යුනිචෙලා පිලට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 349 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

වේගවත් ඉනිමන් ක්‍රීඩාකළ මහේල උඩවත්ත පන්දු 127 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 134 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්විය.

තෙවැනි කඩුල්ල සදහා තිලකරත්න ඩිල්ශාන් (52) සමගින් එක්ව ලකුණු 124 ක සම්බන්ධතාවයක්ද සිව්වැනි කඩුල්ල සදහා චාමර සිල්වා (71) සමගින් එක්ව ලකුණු 147 ක සම්බන්ධතාවයක්ද පැවැත්වීමට මහේල උඩවත්ත සමත්වූයේය.

මාස් යුනිචෙලා – ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 349
(ළහිරු ඕපාත 40, මහේල උඩවත්ත 134, තිලකරත්න ඩිල්ශාන් 52, චාමර සිල්වා 71)

ඩිමෝ – ඕවර 29.1 කදී සියලුදෙනා දැවී ලකුණු 154
(නිපුන් කරුණානායක 21, නිසල තාරක 37, පුලින තරංග 33, ඩිල්රුවන් පෙරේරා 19/3, තිලකරත්න ඩිල්ශාන් 35/3, මාලිංග බණ්ඩාර 23/2)

Comments

comments

SHARE