මාතර T20 ක්‍රිකට් කිරුල මෙරූන්ස්ට

234
0

මාතර සුපර්ලීග් විස්සයි20 ක්‍රිකට් තරඟාවලියේ අපරාජිත ටීම් ග්‍රීම් කණ්ඩායම පරදවා ශුරතාව දිනා ගැනීමට මාතර මෙරුන් කණ්ඩායම සමත්විය.

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැති මේ තරගාවලියේ අවසන් මහා තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් මෙරුන් කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 122 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටීම් ග්‍රීන් කණ්ඩායමට ලබා ගත හැකි වුයේ සියළු දෙනා දැවී ලකුණු 94 ක් පමණි.

මේ අනුව ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට මාතර මෙරුන් කණ්ඩායම සමත් වූ‍යේ ඉන්දික සේරම්ගේ

නායකත්වයත් සිකුගේ ප්‍රසන්නගේ අත්දැකීම් ද උපයෝගී කර ගනිමිනි. මාතර ඉතිහාසයේ පළමුවරට පැවැති මෙම තරඟාවලියට කණ්ඩායම් 12 ක් තරඟ වැදුණු අතර දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ ,මාතර නාගරික කොමසාරිස් සේනක පල්ලියගුරු, මාතර පොලිස් ස්ථානාධිපති මහින්ද කල්දේරා, මාතර දිස්ත්‍රික් ක්‍රීකට් සංගමය් ලේකම් හා විධායක කමිටු සභික සුනිල් මොහොට්ටි මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් ජය සංකේත ප්‍රදානය කෙරිණි.

Comments

comments

SHARE