ටයිසන් ගේ ගේ දියණිය වෙඩි වැදී මිය යයි

474
0

ඇමරිකාවේ කඟවේනා මෙන්ම ලොව දෙවැනි වේගවත්ම මිනිසා වන කෙටි දුර ධාවන ශූර ටයිසන් ග්‍රේ ගේ 15 හැවිරිදි දියණිය වන ටි්‍රන්ටි ග්‍රේ වෙඩි ප්‍රහාරයකට ලක්‌ව ඝාතනය වී තිබේ.

ඇමරිකාවේ කෙන්ටකී ප්‍රදේශයේ ආපනශාලාවක්‌ අසලදී මෝටර් රථ දෙකක පිරිසක්‌ අතර ඇති වූ වෙඩි හුවමාරුවක්‌ අතරතුරදී මෙසේ ටයිසන් ග්‍රේ ගේ දියණිය අවාසනාවන්ත ලෙස මරු මුවට පත්ව තිබේ.

මිය යන විට 15 වැනි වියේ පසු ටයිසන්ගේ දියණියද දක්‍ෂ මළල ක්‍රීඩිකාවක්‌ බව වාර්තාවේ. මේ සිද්ධියෙන් ටයිසන් වේදනාවට සහ සිත්තැවුලට පත්ව ඇති බවත් ඔහුගේ ශෝක බෙදා ගැනීමට ලොව සුපිරිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්‌ම පණිවුඩ එවා ඇති බවත් විදෙස්‌ මාධ්‍ය සඳහන් කර සිටියි.

ලොව වේගවත්ම ධාවන ශූරයා වන උසේන් බෝල්ට්‌ට පමණක්‌ දෙවැනි ටයිසන් ග්‍රේ ඔලිම්පික්‌ පදක්‌කම් ලාභියකුද වේ.

SHARE