සදුන් සහ කුසල් අර්ධ ශතක රැස් කරයි

886
0

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්‌ඩායම සමග පැවැත්වෙන තීරණාත්මක තෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ පළමු දිනට තරගය නවතන විට පන්දුවාර 80 කදී කඩුලු 7 ක්‌ දැවී ලකුණු 272 ක්‌ රැස්‌කරගෙන සිටියහ.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට සඳුන් වීරක්‌කොඩි පත්වෙන අතරවාරයේ ලකුණු 69 ක්‌ රැස්‌කළ කුසල් පෙරේරා දෙවැනියට වැඩිම ලකුණුලාභියා බවට පත්විය.

කෙසේ වෙතත් නායකයාගේ වගකීම කරපින්නාගෙන පිටියට පිවිසි ළහිරු තිරිමාන්නට සාර්ථක පිති ප්‍රහාරයක්‌ දියත් කිරීමට අවස්‌ථාවක්‌ නොදුන් කොදෙව් පන්දු යවන්නෝ ලකුණු 2 කට ඔහුව දවා ගත්තේය.

ඔහු මෙම තරගාවලියේ ලකුණු 20 ට අඩුවෙන් දැවී ගිය සිව්වැනි අවස්‌ථාව වශයෙන් මෙය සටහන් විය.

ලකුණු සටහන

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්‌ඩායම පන්දුවාර 80 ක්‌ තුළ කඩුලු 7 ක්‌ දැවී ලකුණු 272 යි. (සඳුන් වීරක්‌කොඩි 79, කුසල් පෙරේරා 69, චරිත් අසලංක 46, රොෂේන් සිල්වා (නොදැවී) 40, ලකින් කොන්වෙයිට්‌ 3/93, ශිලෝන් ජොන්සන් 2/43)

Comments

comments

SHARE